14.8 C
London
Friday, May 23, 2025
spot_img

කැබති‍ගොල්ලෑව ප්‍රදේශයෙන් බාලවයස්කාර ලිංගික අපරාධයක්

කැබතිගොල්ලෑව පොලිස් බල ප්‍රදේශයට අයත් වාහලකඩ ප‍්‍රදේශයේදී වයස අවුරුදු 14 ක්වූ බාල වයස්කාර දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර තිබේ.

පසුගිය ජූලි මස 08 වන දින හා 11 වන දින අතර කාලයේදී මෙසේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත‍්‍රී දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ(11) දින කැබතිගොල්ලෑව පොලිසියට වාර්තාවූ බව පොලීසිය පවසයි.

අදාළ දැරිය සැකකරු සමග පවත්වාගෙන ගිය පේ‍්‍රම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම අපරාධයට ගොදුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

වයස අවුරුදු 16 ක්වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්,හෙතෙම අද දින කැබතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියා සිටියි.

කැබතිගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles