කෙන්යාවේ “එකගෙයි කෑම”

එකම කාන්තාව සමඟ ප්‍රේමයෙන් වෙලී ගිය පුරුෂයන් දෙදෙනෙකු එකිනෙකා වෙත දැඩි වෛරයකින් පසුව අවසානයේදී දෙදෙනාම එම කාන්තාව විවාහ කර ගැනීම සඳහා එකඟත්වයට එළැඹීමේ සිද්ධියක්‌ කෙන්යාවෙන් වාර්තාවෙයි.

තම නාමය හෙළිකර නොමැති මෙම කාන්තාව දරුවන් දෙදෙනෙකුද සිටින වැන්දඹුවක්‌ වන අතර වසර හතරකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ ඉහත සඳහන් පුරුෂයන් දෙදෙනා මෙම කාන්තාව සමඟ අනියම් ඇසුරක්‌ පවත්වා ඇත. මෙම ඇසුර පුරුෂයන් දෙදෙනා විසින්ම හොඳාකාරව දැනසිටි අතර කාන්තාවද දෙදෙනාටම අඩු නැතිව සිය ප්‍රේමය පුදා ඇත.

සිල්වෙස්‌ටර් වෙන්ඩ්වා සහ විලිජා කිමානි යන මෙම පුරුෂයන් දෙදෙනා මොම්බාසා නගරයේ පිහිටා ඇති මෙම කාන්තාවගේ නිවසේ වෙන් වෙන් වශයෙන් රැඳී සිටිය යුතු කාලය, හෙවත් සේවා මුර කාලසටහනක්‌ සකස්‌කොට එල්ලා ඇත. එසේම මෙම කාන්තාවට ඉන්පසුව ලැබෙන දරුවන් සඳහා පුරුෂයන් දෙදෙනාම වගකීම භාරගත යුතුය.

“අද සිට අප දෙදෙනා එකිනෙකාට තර්ජනය කිරීමෙන් හෝ ඊර්ෂ්‍යා කිරීමෙන් වැළකී සිටින්නෙමු. ඒ මක්‌නිසාදයත් අප දෙදෙනාගෙන් කිසිවෙකු හෝ ඇයව අත්හැර යැමට ඉඩදීමට ඇය සූදානම් නැති නිසාය” යි ගිවිසුමේ සඳහන් වන බව කෙන්යාවේ NTV මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

ලෝකයේ පෞරාණික විවාහ චාරිත්‍රයක්‌ වන මෙය ශ්‍රී ලංකා සංස්‌කෘතියේදී හඳුන්වනු ලබන්නේ එකගෙයි කෑම යනුවෙනි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...