තංගල්ලේ සභාපති තවමත් නිදැල්ලේ

0
105
ceylon radio
ceylon radio

අධිකරණයේ පෙනී නොසිටීම නිසා, රුසියානු ජාතික තරුණියක් සමූහ දුෂණයකට ලක් කරමින් ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා මරාදැමූ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ ට පසුගිය 9 වනදා කොළඹ මහාධිකරණය වරෙන්තුවක් නිකුත් කෙරුණි.

නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීමට තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකිවී තිබේ.

කොළඹ මහාධිකරණයේදී රෝහිනී වල්ගම විනිසුරුවරිය ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එදින සියළුම විත්තිකරුවන් අධිකරණයට පැමින සිටි නමුත් තුන් වන විත්තිකරු වන පුෂ්පකුමාර පැමිණ සිටියේ නැහැ.

ඔහු අධිකරණය මඟ හැර තිබුණේ ගාල්ලේ පසුද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ගන්නා බව අධිකරණයට දැන්වමිනි

2011 දෙසැම්බර් 25වනදා මෙම සමූහ දූෂණය හා මිනී මැරුම සිදුවී මේ වනවිට වසර 2කට අධික කාලයක් ගතවී තිබේ.

මොවුන්ට නඩු නොපැවරීම නිසා මීට පෙර කිහිපවිටක්ම බ්‍රිතාන්‍ය තානාපතිකාර්‍යාලය විසින් මෙම සිද්ධියට නඩු පවරන බව පවසා තිබුණි.

http://www.youtube.com/watch?v=6puRNumw_zI