නෙළුම් මලක වැඩ සිටින බුදුරුව පච්ච කොටා පැමිණි සුද්දිය රටින් පිටුවහල්

බුදු දහමට නිගා වන අන්දමින් නෙළුම් මලක වැඩ සිටින බුදුන් වහන්සේ ගේ රුව මහජනයාට හොඳින් පෙනෙන අන්දමින් දකුණු බාහුවේ (උරහිසේ) පච්ච කොටා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වහාම ඇගේ මව් රටට පිටුවහල් කිරීම සඳහා ඇය ආගමන විගමන පාලකගේ මිරිහාන රැඳවුම් කඳවුරට භාරදුන් පුවතක් මීගමුව පොලීසියෙන් අප වෙත වාර්තා වෙනවා.

පිටුවහල් නියෝග ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික 37 හැවිරිදි මිචෙල් කැමලීන් නමැත්තියකි. ශ්‍රී ලංකාවට පැමිණි ඇය කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් ගුවන්තොටුපළ පොලිසිය ඇය අධිකරණය හමුවට පමුණුවා තිබුනා.

මෙහිදී පො.කො. (38226) දිසානායක මහතා සමඟ පැමිණිල්ල මෙහෙයවූ ගුවන් තොටුපළ පොලිසියේ සැරයන් (64057) ඩබ්ලිව්. ඒ. ඩී. වීරසිංහ මහතා මෙම බ්‍රිතාන්‍ය ජාතික කත නෙළුම් මලක වැඩ සිටින බුදුරුව පච්ච කොටා ගෙන ඇත්තේ මහජනයාට හොඳින් පෙනෙන පරිදි දකුණු බාහුවේ බවත් ඇය ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් මෙම තත්ත්වය මත විශාල මහජන කැළඹීමක්‌ ඇතිවීමට ඉඩ ඇති බවත් පැවසීය.

එම තත්ත්වය සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා එම කත ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට නියෝග කළේය. බ්‍රිතාන්‍ය ජාතික කත වෙනුවෙන් නීතිඥ මහින්ද සුගතදාස මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය.

Buddha tattoo

බුදුන්ට අගෞරව කළේ නෑ’ -පච්චය කෙටු තරුණිය;

ශ්‍රී ලංකාව තුළදී තමන් ඉතාමත් නපුරු අත්දැකීමකට මුහුණ දුන් බව බ්‍රිතාන්‍ය හෙද සේවිකාවක වන නයෝමි කෝල්මන් සඳහන් කරයි.

මෙම හෙද සේවිකාව පසුගිය සඳුදා දිනයේදී සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඇයගේ දකුණු අතේ බුදුරජාණන් වහන්සේගේ පච්චයක් ඇඳ තිබුණු හෙයින් ඇය ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරනු ලැබීය.

ඉන්දියාවේ සිට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මෙම කාන්තාව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට පත්විය.

එසේම ඒ.එෆ්.පී. පුවත් සේවයට අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණේ තමන් බුදුන් වහන්සේව අනුගමනය කරන බැවිනුත්, භාවනා ක්‍රම අනුගමනය කරන බැවිනුත් බුදුන්ගේ රුවක් අතේ ඇඳගත් බවය.

“මම බුදුදහමට අගෞරව කරන්නේ නෑ. මම මීට පෙරත් තායිලන්තයට හා කාම්බෝජයට සංචාරය කළා. ඒත් එහිදී මට මෙවැනි ගැටලුවකට මුහුණදීමට සිදු වුණේ නැහැ. මේ අවස්ථාවට මුහුණ දුන්නාම මම ගොඩක් බය වුණා. ඇඩුවා” යැයි ඇය පැවසුවාය.

එසේම මේ සම්බන්ධයෙන් තමන් නීතිඥවරයෙකුට ඩොලර් 38කමුදලක් (රුපියල් 5000ක් පමණ) ගෙවූබවත් ඔහු තමන්ට උදව් නොකළ බවත් ඇය සඳහන් කළාය.

Check Also

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක ...

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...