ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජා මහේන්ද්‍රන් (කිලි මහරාජා) ට අයත් කැපිටල් මහරාජා ඕගනයිසේෂන් ලිමිටඩ් (Capital Maharaja Organisation Limited) හට සෘජු ගෘහස්ථ රිසීවර (ඩිරෙක්ට් ටු හෝම් (Direct-to-Home (DTH) රූපවාහිනී බලපත්‍රයක් හා UHF සංඛ්‍යාත 9ක් ලබාදී ඇතැයි වාර්තා වේ.
කැපිටල් මහරාජා ඕගනයිසේෂන් ලිමිටඩ්ට අදාල UHF සංඛ්‍යාත 9 ලබාදී ඇත්තේ ජනපතිවරයා සෘජුව මැදිහත්වී මෙන් බවටද රාවයක් පැතිර ඇත.
ඉකුත් වෙසක් දා දුරකකථනය ඔස්සේ ලබාදුන් නියෝගයකට අනුව විදුලි නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල රූපවාහිනී සංඛේත නිල වශයෙන් නිකුත්කර ඇත්තෙ පසුගිය මැයි 22 වැනිදා බවට ද රාවයක් තිබේ.
මෙසේ ලබාදි ඇති UHF සංඛ්‍යාත වන්නේ 34, 51, 53, 54, 58 හා 59 යන ඒවා හා ස මතුගම CH 51 හා CH 58, කිලිනොච්චිය CH 51 හා CH 53, ගම්මඩුව CH 53, රත්නපුර CH 54, ගොංගල CH 53, හන්තාන CH 34 හා නුවරඑළිය CH 59 යන ඒවා බවද පැවසේ.
අදාල කාරනාව සම්බන්ධයෙන් අප විදුලි නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්. සුහීර් මහතා (M.M. Zuhair) සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ අතර ඔහු රැස්වීමකට සහභාගිවී ඇති බැවින් ඔහු සම්බන්ධකර ගැනීමට නොහැකි විය.
ඉන් අනතුරුව අප නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු සම්බන්ධකරගත් අතර ඔහු කියා සිටියේ අදාල කරුණ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්, ඒ සමබන්ධයෙන් අධ්‍යක්ෂ සංඛ්‍යාත කළමනාකාර අමතන ලෙසයි.
අප ඔහුද සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ අතර ඔහුද සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. කෙසේවවුද එහි තවත් අධ්‍යක්ෂවරයෙකු කියා සිටියේ එවැන්නක් මෙතෙක් සිදුකර නොමැති බවයි.
නීඩ්‍රා TRC සභාපතිට හයිරන් පායි
මේ අතර, පසුගිය බදාදා පෙරවරු 11.00ට විදුලි නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රූපවාහිනී සංඛ්‍යාතහිමි සමාගම්වල ප්‍රධාන නිලධාරීන්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබී ඇත.
ඊට කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යකෂිකා නිඩ්‍රා වීරසිංහ ද සහභාගිවී ඇත.
ඇය එම රැස්වීමට පැමිණ ඇත්තේ පෙරවරු 10.55ට වන අතර විදුලි නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැමිණීමට ප්‍රමාද වූයේ යැයි කියමින් නීඩ්‍රා පෙරවරු 11.05ට පිටව ගොස් ඇත්තේ “ටයිම් ඊස් ටයිම්” කියමින් ගෝරනාඩු කරමින් බවද වාර්තා වෙයි.
(ශ්‍රීලංකා මිරර්)