Wednesday , 22 January 2025

පවුලකට මරු කැඳවු කිලිනොච්චි අනතුර

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චියේ අරවියර්නගර් ප්‍රදේශයේදී වෑන් රථයක් දුම්රිය එන්ජිමක ගැටීමෙන් එකම පවු‍ලේ මව, පියා, දියණිය ඇතුළු සිව් දෙනකු මියගොස් තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුවී ඇත.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පන්නිපිටිය, මාලපල්ල, පන්සල පාර, අංක 305 දරන නිවසේ පදිංචිව සිටි ව්‍යාපාරිකයකු වන එන්.සී. වසන්ත පෙරේරා, ඔහුගේ බිරිඳ වන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ විගණන නිලධාරිවරියක් වන දීපිකා පෙරේරා සහ ඔවුන්ගේ දස හැවිරිදි දියණිය වන ඔනලි පෙරේරා යන අයයි. ඇය නාවල ජාත්‍යන්තර පාසලක හතරවන වසරේ ඉගෙනුම ලැබුවාය.

ඔවුන් ගමන්ගත ජිප් රියේ රියැදුරු වන රෝහිත සමරවීර යන අයද මියගොස් ඇත. තුවාල ලබා ඇත්තේ බන්දුල ජයමාන්න හා සුරේෂ් සුරංග යන දෙදෙනාය. ඔවුන් හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව මාන්කුලම් ‍පොලිසිය සඳහන් කරයි. බරපතල තුවාල ලැබූ දෙදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යාපනය රෝහලට ඊයේ (27) පස්වරුවේ මාරුකර යවා තිබේ.

ඊයේ පස්වරු 3.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් තිදෙනකු එම ස්ථානයේම මියගොස් ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨය ඉරණමඩුවල පිහිටා ඇති අතර ඒ ආසන්නයේ දී මෙම අනතුර සිදු වූ බව ද ‍පොලිසිය සඳහන් කරයි. මෙම ජීප් රථය සමග තවත් ජීප් රථයක් ඔවුන් ඉදිරිපසින් ධාවනය කර ඇති අතර එය දුම්රිය හරස් මාර්ගය පසුකළ පසු මෙම ව්‍යාපාරිකයා ඇතුළු පිරිස පැමිණි ජීප් රථය දුම්රිය හරස් මාර්ගයට දමනවාත් සමගම දුම්රියේ ගැටී ඇතැයි මාන්කුලම් ‍පොලිසියේ නිලධාරියකු පැවසුවේය.

මාන්කුලම් ‍පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරයි.

11201602_718264044949657_9109439019136518160_n 11138633_718264031616325_1938707404435943091_n

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...