16 C
London
Thursday, November 13, 2025
spot_img

කිලිනොච්චියේ ත් පාසැල් දැරියක් සමුහ දුෂණයට ලක්වෙලා !

කිළිනොච්චියේ පරන්තන් පළාතට නුදුරුව පිහිටි සිදුපුරම් ගම්මානයේ සිටි හත්හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පසුගිය 25 වෙනිදා දූෂණයට ලක්වූ බවට කිළිනොච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මේ පිළිබදව පොලිස් මාධ්‍යප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසූවිට ඔහු කියා සිටියේ කිළිනොච්චිය පොලීසියට ලැබුණු පැමිණිල්ල විභාග කිරීමේදී දැරිය දූෂණයට ලක්වූ බවට තොරතුරු ලද හෙයින් වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා ඇයව කිළිනොච්චිය රෝහලට ඇතුලත් කළ බවයි.

කිළිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයෙකු නොමැති නිසා දැරිය යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා දැරිය දූෂණයකට ලක්වී ඇති බවට නිගමනය කොට ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
දැරියගෙන් ලබාගත් තොරතුරු මත මේ වනවිට එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔහුව බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් කරණ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම දැරිය සමූහ දූෂණයකට ලක්ව ඇති බවට පැතිර යන ආරංචි පිළිබදව විමසූ විට රුවන් ගුණසේකර කියා සිටියේ දැරිය අවස්ථා දෙකකදී ලබාදුන් ප්‍රකාශ මත පුද්ගලයින් කීපදෙනෙකුගේම නම් ප්‍රකාශ කරණ බවයි.කෙසේ නමුත් දැරිය පවසන තැනැත්තන් ඉතාම අඩු වයස් වල පසුවන ළමයින් නිසා පොලිස් පරීක්ෂණ ඉතා සියුම්ව කරගෙන යන බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම පරීක්ෂණ වලට අනුව ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට සැකකරුවන් සිටින්නේ නම් ඔවුන්ද අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද පැවසීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles