13.3 C
London
Friday, November 14, 2025
spot_img

අධිකරණයේදී සැමියා බිරියට පිහියෙන් අනී

බත්තරමුල්ල ළමා මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දරු දෙදෙනා සමග නඩුවකට පෙනී සිට පිටතට ආ නීත්‍යානුකූලව තමාගෙන් වෙන්ව සිටි බිරිඳගේ ශරීරයේ පස්‌පොළකට පිහියකින් ඇන බරපතල තුවාල සිදු කළ වෙන් වූ සැමියා ඊයේ (28 වැනිදා) පස්‌වරු 1.30 ට පමණ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

තුවාල ලැබූ 35 හැවිරිදි දෙදරු මව තලංගම කොස්‌වත්ත රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අඹු සැමි යුවල මීට වසර තුනකට උඩදී නීත්‍යානුකූලව වෙන් වී ඇතැයි පොලිසිය පවසයි.

සැමියා මානසික රෝගාබාධයකින් පෙළෙන්නකු වන බැවින් දරු දෙදෙනාගේ භාරකාරත්වය ළමා මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් මවට පවරා තිබේ.

ඒ අනුව සැකකරු නොච්චියාගම ප්‍රදේශයේත්, එකී බිරිඳ සිය දරු දෙදෙනා සමග සීදූව ප්‍රදේශයේත් වාසය කර ඇත.

සිද්ධිය වූ ඊයේ (28 වැනිදා) දිනයේ සැකකරු අදාළ අපරාධය සිදුකිරීමට සූදානමින් පැමිණ ඇතැයි හෙළිවූ බව ද පොලිසිය කියයි.

ඔහු අපරාධය සඳහා රැගෙන පැමිණි පිහිය ළමා මහෙස්‌ත්‍රාත් අධිකරණය අසල ඇති පාළු ඉඩමේ ගසක්‌ යට සඟවා අදාළ නඩුවට පෙනී සිට පසුව පැමිණ නැවත පිහිය රැගෙන ගොස්‌ මෙම අපරාධය සිදුකර ඇත.

මේ පිළිබඳව තලංගම පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජනක කුමාර මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන්වරුන් වන දයාරත්න, ජයතිස්‌ස, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන රංගන, රත්නායක ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles