මහින්ද මෛත්‍රී හමුව අපිට ප්‍රශ්ණයක් නෙවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර අද (06 වැනිදා) පවත්වන හමුව එජාප ඡන්ද පදනමට කිසිදු ආකාරයක බලපෑමක්‌ එල්ල නොවන බව එජාප උප සභාපති ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ජනබලය පසුගිය 01 වැනිදා කොළඹ පැවැති මැයි රැලියෙන් රටට පෙන්වූ බවත් කිසිදු බලවේගයකට එම ජන පදනමට බලපෑමක්‌ කළ නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී අති බහුතර ආසන සංඛ්‍යාවක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ලැබෙන බව රහසක්‌ නොවන බවත් එක්‌සත් ජාතික පක්‌ෂයත්, ජනතාවත් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තුරු බවත් ඒ මහතා සඳහන් කළේය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...