කොටකෙතන කාන්තාවක් ඝාතනයට ලක්වීම ගැන විමර්ශන ක්‍රියාත්මකයි

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේදි කාන්තාවක් ඝාතනයට ලක්වීම පිළිබද විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කරනවා. ඝාතනයට ලක්වුනේ 39 හැවිරිදි කාන්තාවක්. ඇගේ සිරුරු කොටස් කිහිපයක් අතුරුදන්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ. ඒ අනුව ඝාතකයා සහ සිරුරු කොටස් සොයා පොලිසිය අංශ කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කළා. විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිල සුනඛයන්ගේ සහය ද ඊට ලබාගෙන තිබෙනවා. අදාල කාන්තාව තම නිවසේ නිදා සිටියදි අද (05) අළුයම ඝාතනයට ලක්ව ඇති බවයි පරීක්ෂණ වලින් භෙළිවුනේ. ඝාතනය සිදුවන අවස්ථාවේ ඇගේ සැමියා අවමංගල්‍ය කටයුත්තක් සදහා නිවසින් බැහැරව ගොස් සිටි බවද භෙළිව තිබෙනවා. වයස අවුරුදු 12 ක්වූ ඇගේ පුත‍්‍රයා නිවසේ සිටි අතර ඔහුට කිසිදු හානියක් සිදුවී නැහැ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...