අම්මා මරපු හැටි පුතා හෙළිකරයි

“මම ‍යාළු වෙලා ඉන්න ගෑණු ලමයට අම්මලා කැමති නෑ. අවුරුද්දට එයාට ඇඳුමක් අරං දෙන්න අම්මගෙන් මම සල්ලි ඉල්ලුවාම දුන්නේ නෑ. එයා මට බැන්නා. මමත් බැන්නා.බහින් බස්වීම දුර දිග ගියාම මට කේන්ති ගිහිං අම්මව තල්ලු කළා. අම්මා වැටුණාම මම හිතුවේ මැරුණා කියලා. ඊ‍ට පස්සේ කොටකෙතන අනිත් මරණත් එක්ක අම්මගෙ මරණයත් සමාන කරන්න ඕන නිසා කුස්සියෙ තිබුණු මන්නා පිහිය අරන් අම්මට බරපතල තුවාල සිදු කළා.”

“එසේ කළේ මා අම්මාට ගැසූ පහරකින් ඈ කුස්සියේ ඇදගෙන වැටුනාට පසුවයි. එහෙම කළේ කොටකෙතන අනිත් කාන්තාවෝ මරලා තිබුණෙ එහෙම නිසයි. ”

ලේ විලක් මැද්දෙ හිටපු අම්මව මමම උස්සගෙන ගිහින් ගඟ ගාව ගසක් මුල හැංගුවා. ”

කොටකෙතන චන්ද්‍රානි ස්වර්ණලතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටින ඇගේම 18 හැවිරිදි පුත්‍රයා පොලීසියට කළ පාපොච්ඡාරණයෙන් ඒ බව සඳහන් කර තිබේ.

සැකකරු මේ වන විට කොළඹ අපරාධ කොට්ටාශය භාරයේ ප්‍රශ්න කරමින් සිටින අතර වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමි‚ මතුරට යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරනු ලැබේ. සැකකරු අද (10දා) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...