කොටකෙතන ඝාතනයේ සුළමුල එළියට

කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ පසුගියදා සිදුවූ චන්ද්‍රානි ස්වර්ණලතා නම් දෙදරු මවගේ ඝාතනයට හේතුව අණාවරණය වෙයි.

මෙම සම්බන්ධයෙන් ඇයගේ 18 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අද (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්තේ අභිරහස් ඝාතන පෙළට එකතු වෙමින් තවත් අභිරහසක්ව පැවති මෙම මරණය පිටුපස ඇති අභිරහස අද දින හෙළිවූයේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ 18 හැවිරිදි පුතු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගය.

ඒ අනුව ඝාතනය පිලිබඳ සැකකරු පොලීසියට පාපොච්චාරණය කොට ඇති බවත් එම ඝාතනය සිදු කිරීමට මුල් වූයේ සිය මව විසින් රුපියල් 1500 ක මුදලක් ඔහුට ලබා නොදීම හේතුවෙන් බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි වාර්තා වේ.

නමුත් මෙම සැකකරු ඔහුගේ මවගේ දේහය ගොඩ ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුනේ මෙවැන්නකි.

‘‘7.45ට විතර මං කාලා කාමරේට යන්න හදනකොට අම්මත් කාමරේට ගියා. අම්මා කාමරේට ගිහින් එහෙන්මම නිදාගත්තා. මමත් ඊට පස්සේ සාලේ ලයිට් නිවලා කාමරේට ගිහින් දොර වහගෙන නිදාගත්තා.

මට එහෙම්ම නින්ද ගියා. තාත්තා 2ට විතර ඇවිත් කතා කළා. කතා කළාම තමයි ඇහැරුනේ. ඊට පස්සේ අම්මා කොයි කියලා ඇහුවා. අම්මා කාමරේ කීවම කාමරේ ඇතුලට ගියා. යනකොට මෙට්ටේ හැමතැනම ලේ තිබුණා. ඊට පස්සේ කුස්සිය පැත්තට යද්දි එතනත් ලේ ගොඩක් තිබුණා. තාත්තා එක්ක ඊට පස්සේ එහෙන්ම එළියට ඇවිත් මාමලාටත් කතා කරලා පොලිසියට කීවා.‘”

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...