ක්ෂණිකා හිරිඹුරේගම – නාමල් රාජපක්ෂ කතාවේ ඇත්ත ක්ෂණිකා හෙළිදරව් කරයි.

නාමල්ගෙ ලියුමකට මං සරසවියට සිසුවියක් දැම්ම කියන කතාවෙ ඇත්ත මේකයි- ක්ෂණිකා හිරිඹුරේගම

පසුගියදා උද්ඝෝෂණ මැද ඉල්ලා අස්වන්නට තීරණය කළ හිටපු ජනපති මහින්දගේ ඥාතියෙකු බව කියන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම අද සති අන්ත පුවත්පතකට අදහස් පළකරමින් ඇය සම්බන්ධ චෝදනා කිහිපයකට පිළිතුරු ලබාදී තිඛෙනවා.

නාමල් රාජපක්ෂගේ නම සඳහන් සටහනක් සමග යොමු කළ අයදුම්පතක් මත කරන්දෙණිය යක්කටුව ප්‍රදේශයේ පදිංචි සිසුවියක රුහුණ සරසවියට ඇතුළත් කරන්නට අවසරය ලබාදීමේ පටලැවිල්ලක් නිසාද මහාචාර්යවරිය පසුගිය කාලයේ විවේචනයට බඳුන් වුණා. ඇය ඒ සම්බන්ධයෙන් පුවත්පතට දක්වා තිඛෙන පැහැදිලි කිරීම පහත පරිදිය.

zවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට විවිධ අයගෙන් අභියාචනා විශාල ප්‍රමාණයක් ලැඛෙනවා. ඔය කියන අභියාචනයත් සමඟ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙ ලේකම්වරයෙකුත් ලිපියකුත් අමුනල තිබුණා. එය එවල තිබුණෙ හිටපු ඇමැතිතුමාටයි. හිටපු ඇමැතිතුමාත් එහි සටහනක් තබල එය ප්‍රවේශ අංශයට යොමු කරල තිබුණා. එහි කිසිදු විශේෂත්වයක් නෑ. මැති ඇමැතිවරුගෙ සටහන් සහිත ලිපි සමඟ එවැනි අභියාචනා ඕන තරම් එනවා.

පසුගිය රජය යටතෙත් ආවා. මේ රජය යටතේත් එනවා. දැනුත් එනවා. ප්‍රවේශ අංශයට එන ඒ අභියාචනා ඉටු කළ හැකි ඒවා දැයි සොයා බලා ඉටුකළ හැකි ඒවා කොමිසමට දෙනවා. අභියාචනා හරහා කරන ඉල්ලීම්වලට ඉඩදීම මගේ තනි තීරණයක් නෙමෙයි.

කොමිසම අනුමත කරන්න ඕන කාගෙ ලිපියක් සමඟ එව්වත් නැතත් ලබාදිය හැකි දෙයක් තිඛෙනවා නම් කොමිසම එය ලබා දෙනවා. රාජපක්ෂ නමක් මේ අභියාචනයට ගෑවිලා තියෙන හින්ද දැන් කාලෙක ඉඳන් මේක කිය කියා මට මඩ ගහනවා.

නමුත් නාමල් මන්ත්‍රීතුමාටත් වඩා බලගතු අය කරන්න බැරි දේවල් මට එවපු අවස්ථාවලදී මම ඒව ප්‍රතික්ෂේප කරල ලිපි යවල තියෙනවා. ඒ කරන්න බැරි දේවල් මම ප්‍රතික්ෂේප කළේ මේ තනතුරෙන් යන්න වුණත් බලාගෙන. මගෙන් කර තිබුණු ඒ ඉල්ලීම් වගේම මම ඒවට දුන් පිළිතුරු මම මාධ්‍යයට කියන්න ගියේ නෑ.

මහජන ඡන්දයෙන් පත්වෙන පුද්ගලයෙකුට ඡන්දදායකයො යම් යම් ඉල්ලීම් කළහම ඒ අයට අපට ලියල එවනව මේ ඉල්ලීම හැකිනම් ඉටු කරන්න කියලා. ඒක තමුන්ගේ

ඡන්දදායකයා සතුටු කරන්න කරන වැඩක්.කිසිවෙකුගේ ලිපියක් නැතත් ඉල්ලීම නීත්‍යනුකූල නම් අපි එය ඉටු කරනවා. කාගෙ ලිපියක් සමඟ එව්වත් නීත්‍යනුකූල නොවන ඉල්ලීමක් මම ඉටුකරල නෑ.
මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ස්වාධීනත්වය නැතිකළා කියල කවුරු හරි චෝදනා කරනව නම් ඔහු එයට හේතු ඉදිරිපත් කරන්න ඕන.මම සභාපති වුණාට පස්සේ කමිටුවලට පත් කළ අයගේ දේශපාලන පක්ෂය සැලකුවේ නෑ. ඒ වගේම කවුරු හෝ වැරදි වැඩක් කළා නම් පක්ෂ පාට නොබලා ඔහුට හෝ ඇයට විරුද්ධව පියවර ගත්තා. මම වැරදි වැඩ කළේ නෑ.

කාටවත් වැරදි වැඩ කරන්න ඉඩ දුන්නෙත් නෑ. මගේ ඒ ප්‍රතිපත්තිය නොරිස්සූ සමහරුයි මේ චෝදනා කරන්නේ. මම මේ ආයතනයේ ස්වාධීනත්වය නැති කළා කියන්නෙ වැරදි වැඩ කරන්නට ඉඩ නොදීම ද?. මම රජයේ නිලධාරිනියක්. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගේ වගකීමක්.

ආන්දෝලනය ඇතිකළ ලිපිය පහතින්;
namal_letter

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...