කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ ගණනාවකට හෙරොයින් මත්කුඩු බෙදාහරින පුද්ගලයකු වශයෙන් නම් දරා සිටි වසර ගණනාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයමින් සිට පසුගිය 20දා බත්තරමුල්ල ප්‍රදේශයේදී රුපියල් කෝටි එකහමාරක් වටිනා මත්කුඩු කිලෝ 1 1/2ක් සමඟ අත්අඩංගුවට ගත් මහමොළකරු ඊයේ අලුයම රාගම රෝහලේ සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබේ.
මෙසේ පැනගොස් ඇත්තේ දේවකගේ තුසිත චාමර නමැති සැකකරුයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මත්කුඩු පැකට් කරමින් සිටියදීය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මේ සැකකරු කැඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු පසුගිය 26දා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් බන්ධනාගාරගත කොට තිබිණි.මේ සැකකරු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා රාගම රෝහලවෙත බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ මත රැගෙන ගොස් තිබුණේ පසුගිය 29 දින උදේ 10.00 බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරි තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
Mawbima