12.6 C
London
Thursday, May 15, 2025
spot_img

“ජනපති එන්න කිව්වේ නෑ“ – කුමාර් සංගක්කාර

ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා එක්වන ලෙසට තමන්ට කිසිම ආකාරයකින් ජනපතිවරයාගෙන් ආරාධනාවක් නොලැබුණ බව කුමාර් සංගක්කාර සිය ෆේස් බුක් ගිණුම මගින් නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එසේම ජනාධිපතිවරයාගේ ඡන්ද සටනට එක්වෙන ලෙසට තමන්ට මූල්‍යමය ආරාධනයක් ජනපතිවරයාගෙන් ලැබුණ බවට වාර්තා වන තොරතුරු වල කිසිඳු සත්‍යතාවක් නැති බවත් එම තොරතුරු වලින් තමන් පුදුමයට මෙන්ම කණගාටුවට පත්වූ බවත් සංගක්කාර නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එසේම එම තොරතුරු සිය කීර්තිනාමයට හානි කරන අයුරින් සමාජ මාධ්‍ය විසින් ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරු බවද සංගක්කාර සඳහන් කරයි.

සංගක්කාර නිකුත් කළ නිවේදන පහතින් දැක්වේ.

“ජනපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධවන ලෙසට මට මූල්‍යමය ආරාධනා ලැබූ බවට වාර්තා වන තොරතුරු පිළිබඳව මම පුදුමයටත් කනගාටුවටත් පත්වෙනවා. මම තහවුරු කරනවා ජනපතිගේ ඡන්ද ව්‍යාපාරයට එක්වෙන ලෙසට ජනපතිවරයා මට ආරාධනා නොකළ බවට. ජනපතිවරයාගේ ඡන්ද සටනට එක්වෙන ලෙසට මට ආරාධනා කළ බවත් ඒ වෙනුවෙන් මට මූල්‍යමය වාසි ලබාදෙන බවට පැවැසූ බවට සමජමාධ්‍යවලින් වාර්තා වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මේවා මගේ කීර්තිනාමයට හානි කරන අයුරින් ද්වේශ සහගතව නිකුත් කළ ප්‍රකාශ. මම හැමකෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා ඒවා බැහැර කරන ලෙසට” යැයි එම නිවේදනයෙන් සඳහන් කරයි.

ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ජනපතිවරයාගේ ප්‍රචාරක දැන්වීම්වලට පෙනී සිටීමට ආරාධනා ලැබුණද ඒවා ප්‍රතික්ෂේප කර ඇතැයි ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කර තිබිණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles