ඩොනල්ඩ් මැක්‌රේ
එංගලන්තයේ ඩර්හැම් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කුමාර සංගක්‌කාර සසෙක්‌ස් පිලට එරෙහිව පැවැති තරඟයේ අත් හැර දමන ලද දිනයේදී මට මුණගැසුණි. දැඩි සීතලක් පරිසරය පුරා පැතිරී තිබුණි. සංගක්‌කාර ඩර්හම් ක්‍රීඩාගාරයෙන් ජම්පරයක් ලබා ගත්තේය. අවට පැතිරී තිබුණ සීතල සමග වැස්‌සක් ද වැටෙන්නට විය. නමුත් ඔහුගේ මුහුණේ සිනාව අතුරුදන් වුයේ නැත. මා සමග (ඩොනල්ඩ් මැක්‌රේ) කතාවට මුල පුරන විටත් ඔහුගේ මුහුණේ පැවැතුණේ බලාපොරොත්තුවේ ගිනි සිළුවයි. ගැඹුරු සිතුවිල්ලෙන් පෙනී යන්නේ ඔහුගේ විචක්‌ෂණ බවයි.
මම ඔහු සමග කතා කළ පැයක කාලය තුළින් ඇති වුණ වෙනස මට කිසිම දිනක අමතක නොවේ. ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රීඩකයන් මට බොහෝ සේ මුණ ගැසී ඇත. මේ අතරින් ඇතැම් ක්‍රීඩකයන් එංගලන්තයේදී අප සමග බෙහෙවින් කුළුපඟ වුවද, ඔවුන් සමග වූ සම්මුඛ සාකච්ඡාවක් වෙනුවෙන් කාලයක් වෙන් කර ගැනීම මට අපහසු කාර්යක් වී ඇත. ජාතික සහ ජාත්‍යන්තර මට්‌ටමින් ප්‍රසිද්ධියට පත් ක්‍රීඩකයන් විෂයෙහි පමණක් නොව කණිෂ්ඨ මට්‌ටමේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පවා මේ තත්වයම අද උද්ගතව ඇත. කොටින්ම කිවහොත් අනුග්‍රහකයෙක් නොමැතිව මොවුන්ගෙන් වචනයක් ලබා ගැනීම අපහසුය.
එහෙත් ක්‍රිකට් ලෝකයේ ජාත්‍යන්තරයේ නම දිනා ගත් කුමාර සංගක්‌කාරගේ ප්‍රතිචාර ඊට හාත්පසින්ම වෙනස්‌ය. ඔහු ජාත්‍යන්තරයේ දැවැන්තයෙකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ 547 කට සහභාගිව ශතක 35 ක් ලබා ගෙන ඇත. මෙම ශතක තිස්‌පහ ලබා ගත්තේ ටෙස්‌ට් තරඟ 122 ක දීය. ටෙස්‌ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වේගය 58.07 කි. සංගක්‌කාරයේ මෙම ලකුණු රැස් කිරීමේ වේගය රාහුල් ඩ්‍රාවිඩ් , රිකී පොන්ටින් ,සචින් ටෙන්ඩුල්කාර් හා ජැක් කලිස්‌ගේ ලකුණු ලබා ගැනීමේ වේගය දක්‌වාම ඇත. මෙම නම් සඳහන් කරන ලද පතාක යෝධයන් මේ වන විට ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ලබා ඇත.
සංගක්‌කාරගේ චරිතය ඉස්‌මතු වෙන්නේ ක්‍රීඩකයෙක් විදිහට පමණක් නොවේ. ඔහු ආපදාවන් හා ගැටුම් ඉදිරියේ නොසැලී සිටින අතර ඔහුගේ චරිතාංගයේ දුක සහ ජයග්‍රහණයේදී මධ්‍යස්‌ථ බව මැනවින් ඉස්‌මතු වේ. සම්මුඛ සාකච්ඡාවන්හිදී සැබෑ වූ සංගක්‌කාර ගුණය ඉස්‌මතු වේ. මට සංගක්‌කාර මුණගැසීමට මාධ්‍ය නිලධාරියකුගේ, ආයතන සම්බන්ධීකාරකයකුගේ මඟ පෙන්වීම අවශ්‍ය වූයේ නැත.
“ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මගේ ජීවිතයට ලැබුණ ආශිර්වාදය මට සැබැවින්ම ආශ්වාදයක්….” තිස්‌හය හැවිරිදි සංගක්‌කාර කියා සිටී. බොහෝ අය අප ලවා සමරු පොත් සටහන් කර ගන්න කැමැත්තෙන් සිටිනවා. මේ අත්සන තබන අතරම මම හලෝ…කොහොමද? පැමිණියාට ස්‌තුතියි…..මට මේවා පුංචි වචන වුණත් දරුවාට සමරුවේ තබන සිහිවටනයට වඩා මේ වචන කිහිපය බොහෝ සේ වටිනවා…අපිට සැබැවින්ම අවශ්‍ය වෙන්නේ මානව සම්බන්ධතාවයන්, අන්තර් මානව ක්‍රියාකාරිත්වයන්, අදහස් සහ මතවාදයන් අතර හුවමාරු… මේවා බෙහෙවින්ම වටිනවා” සංගක්‌කාර ඉතා නිහතමානී ලෙස සඳහන් කරයි.
විවිධ හේතුන් නිසා බෙදී ගිය සමාජ කණ්‌ඩායම් නැවත එක් කිරීමේ හැකියාව ක්‍රිකට් ක්‍රීඩාවට ඇතැයි සංගක්‌කාර සඳහන් කරනවා.
“පිටතින් නම් මගේ බොහොම ශාන්ත පෙනුමක් තියෙන්න ඇති.ඒත් මම සෑහෙන කැළඹීමකින් හිටියේ…මහේල ජයවර්ධනයි මමයි පන්දුවට පහර දෙමින් සිටියදී මහේල දැවී ගියා. ඔහු ක්‍රීඩාගාරයට ගියා….මම පිටියේ.. කමක් නෑ මට පුළුවන් මං හිත හදා ගත්තා. අවසාන ලකුණු තුන ගන්න කලින් මම හිතුවෙ අපි දිනුම් කියලා..මේ වෙලාවේ තිසර පෙරේරා හයේ පහරක් ගැහුවා…සංගක්‌කාර 20/20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ විචිත්‍ර මතකයන් අවදි කරමින් පැවසීය.
ජයග්‍රහණයෙන් උද්දාමයට පත් කණ්‌ඩායමේ සෙසු සාමාජිකයන් සංගක්‌කාරව ඔසවා ගෙන පිට්‌ටනිය වටේට ගියා. එම ගමනේදී කළ යුතු දේ ගැන අමතක වුණා. ඊළඟට කරන්න අවශ්‍ය දේ ගැන හිතන්න බැරි වුණා. ගෙදරට කතා කරනවද ?සතුටු වෙවී ඉන්නවාද? මේ තීරණයන් අතර සංගක්‌කාර හුදකලා වුණා.
“මම බෞද්ධයෙක්… අපේ කණ්‌ඩායමේ සාමාජිකයන් අතර හින්දු , මුස්‌ලිම් , ක්‍රිස්‌තියානි අය ඉන්නවා. අපට අවශ්‍ය වෙන්නේ මිනිස්‌සු… වාද භේද නැතුව අපි මේ හැම දෙනා එක්‌කම සහජීවනයෙන් ඉන්න අවශ්‍යයි. අපට දෙවියන්ගේ , මිත්‍රයන්ගේ, ආධාරකරුවන්ගේ, පවුලේ සහයෝගය අවශ්‍යයි. ලෝක කුසලානය දිනා ගත් කණ්‌ඩායමක සාමාජිකයෙක් තුළ මෙම චරිතාංග තිබිය යුතුයි.
අපේ මවු රට ලංකාවට යන විට පැවැති උණුසුම් පිළිගැනීම හරිම අපුරුයි. අපි කිසිම දිනක මේ විදිහට පිළිගැනීමක් බලාපොරොත්තු වුණේ නැහැ. කිලෝ මීටර් හතළිහක පමණ එක දිගටම සෙනග. ජාතිය ආගම ගැන හිතලාවත් නැහැ. මේ පිළිගැනීම හරියට තමන්ගේ දරුවන් පහළොස් දෙනා මහ ගෙදරට එද්දී පිළිගැනීමට සිටිය අම්මා, අප්පච්චි වගෙයි..
ඇත්තටම ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක් නෙවෙයි.. යුද්ධයෙන් හෙම්බත්ව සිටි අපිට යුද්ධයෙන් පසුව වාර්ගික සම්බන්ධතාවයන් ගොඩ නඟා ගන්න ක්‍රීඩාව අවශ්‍යයි.”
කුමාර සංගක්‌කාර නිරන්තරව සෘජු ලෙසින් සිය අදහස් හසුරුවන්නෙක්. 2011 වසරේ ලෝර්ඩ්ස් ශාලාවේ පැවැති කවුඩරි අනුස්‌මරණ දේශනයේදීත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ තිබෙන දුර්වලතාවයන් සහ දූෂණ ගැන කරුණු හෙළිදරව් කළා. මේ ගැන ඔහු අදහස් දක්‌වන්නේ මෙහෙමයි.
“මං හිතන්නේ ඒ ඉතිහාසය නැවත ඇති නොවන්නට විශාල ප්‍රයත්නයක් දරන්න වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පවතින පිළිගැනීම නිසාම එය නැවත ගොඩ ගැනීම වෙනුවෙන් අවශ්‍යතාවය දැන් ඇති වී තිබෙනවා. සුවපත් වීමේ ක්‍රියාවලියට මුල පිරුවා. නව අනාගතයක් වෙනුවෙන් ශ්‍රී්‍ර ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන යැමට අපි විශාල ප්‍රයත්නයක් දරනවා.”
1983 වසරේ සිට ගෙවී ගිය 30 වසරක ෙ€දජනක යුගය සංගක්‌කාර සිහිපත් කළේ මෙසේය.
“අපේ කණ්‌ඩායමේ හැම දෙනාම අගය කළේ ඒකීය බවයි. ජනතාවගේ විවිධත්වය , වාර්ගික සහ ආගමික වෙනස්‌කම් සමග අපි එකිනෙකා තේරුම් ගත්තා. හැම දෙනෙක් තුළම වටිනාකම් තිsබෙන බව තේරුම් ගත්තා. වගකීම පිළිබඳ සංකල්පය අපි හැම දෙනා තුළම තිබුණා.
2004 සුනාමි ෙ€දවාචකය බොහොම සංවේදියි. මුරලි (මුත්තයියා මුරලිදරන් ) මහේල සහ අපි කීප දෙනෙක් සුනාමි ව්‍යසනයෙන් අනතුරට පත් අයට ආධාර අර ගෙන මුහුදු බඩ ප්‍රදේශයන්ට ගියා. අපි මේ උදවිය සමග කතා බහ කළා. ඔවුන් මුහුණ දී තිබෙන දුක්‌බර අත්දැකීම අපේ ඇස් ඉදිරිපිට අපිට පෙනුණා. පවුලක් විදිහට සිටි ඔවුන්ගේ බැඳීම් අද ගිලිහී ගිහින්. මේ කම්පනය බොහොම දරුණුයි. දරා ගැනීම අපහසුයි. අපිට එක් පුද්ගලයෙක් හමු වුණා. ඔහුගේ බිරිඳ සහ දරුවන් සුනාමි ෙ€දවාචකයෙන් අහිමි වෙලා. මේ කම්පනය අපිට අපේම වගේ දැනුණා. ඒ වගේම මේ සිද්ධියෙන් ක්‍රිකට් කණ්‌ඩායමත් වෙනස් වුණා.”
ඇතැම් අවස්‌ථාවල සංගක්‌කාර ලන්ඩනයේ ටෙරන්ස් හිගින්ස් භාරය (Terrence Higgins Trust) නැරඹීමට යනවා. එච්. අයි.වී වෛරසය ශරීරගතව ඒඩ්ස් රෝගය වැළඳීමෙන් සමාජයේ හුදෙකලා වුණු පුද්ගලයන් සමාජයට මුහුණ දීමේ සිදු වෙන සමාජ පිළිකුලට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන්නට වටිනා පිළිතුරක් ටෙරන්ස් හිගින්ස් භාරයෙන් ලැබෙන බව සංගක්‌කාරගේ අදහසයි. සමාජයේ විවිධාකාර හේතුන් නිසා මේ අන්දමින් වෙන්ව ජීවත් වෙන මිනිසුන් සම්බන්ධයෙන් ඔහුගේ නිහඬ මෙහෙවර අතිශයින්ම ප්‍රශංසනීය වේ.
“අපි දෙන දෙය පත්තරවල වැටෙන්න අවශ්‍ය නැහැ. මුදලක් පරිත්‍යාග කිරීමෙන් සහ මේ පිරිස සමග ඡායාරූපයකට පෙනී සිටීමෙන් පමණක් පලක් නැහැ. මුදලක් ලබා දීම ඉතා පහසු දෙයක්. මුදල දී එතැනින් වෙන්ව යැමෙන් සාධාරණීය භූමිකාවක් ගොඩ නැඟෙන්නේ නැහැ. ඊට වඩා අපේ කාලයෙන් තවත් අයකුගේ ජීවිතයේ ධනාත්මක සංකල්පයක් වර්ධනය වෙනවා නම් එය බොහොම වටිනවා. තරඟයේ වීරයා වෙනුවෙන් වගේම තරඟාවලියේ වීරයා වෙනුවෙන් ලැබෙන ත්‍යාග මුදල අපි හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙනුවෙන් අරමුදලක් විදිහට පවත්වාගෙන යනවා.”
2009 වසරේ ලාහෝර් නගරයේදී තුවක්‌කුකරුවන් දොළොස් දෙනෙක් විසින් එල්ල කළ තුවක්‌කු ප්‍රහාරයේදී අනතුරට පත් ක්‍රීඩකයන් හයදෙනා අතර සංගක්‌කාර ද සිටියේය. ඔහුගේ කලවා ප්‍රදේශයටද තුවාල සිදුව තිබුණි. මේ අවස්‌ථාවේදී තමන් ලත් අත්දැකීම ඔහු සිහිපත් කරන්නේ මානව දයාවෙන් පිරි හෘදයාංගම බන්ධනයකින්ය.
“අපි මේ විදියට මුහුණ දුන්නේ විනාඩි තුනක කාලයක් විතරයි. නමුත් මට මෙතැනදී සිහියට නැඟුණේ දිනපතා ජීවිතයේ අනතුරු බියෙන් ජීවත් වෙන කී දාහක් ඉන්නවද කියලයි. ඒත් එක්‌කම මම අගය කරනවා අපේ ජාතියට නැවත නැගී සිටීමට තිබෙන හැකියාව ගැන…බසයේ සිටි හැම දෙනෙක්‌ම මේ අත්දැකීමෙන් මාසයක් ගෙවෙන විට නැවතත් ක්‍රීඩා පිටියට අවතීර්ණය වුණා. ඒ වගේ නැවත නැගී සිටීමේ හැකියාවක් අපිට තියෙනවා.
ලාහෝර් සිද්ධියෙන් පසු දවසක් මාර්ග බාධකයකදී ශ්‍රි ලංකාවේ සෙබළෙක් මාව නවත්වාගෙන හලෝ….කොහොමද කියලා මගෙන් අහුවා. මං දැක්‌කා ඔහු හිටියේ ගල් ගැහිලා වගේ…මං ඔහුගෙන් ඇහුවා ඔබ හැමදාම මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙනවා නේද? කියලා.”
ඔහු කිව්වේ
“නෑ ඒක මගෙ රස්‌සාව…නමුත් ඔබට ඒ වගේ සිදුවීමක් සිදු විය යුතු නැහැ. ඇත්තටම ඔබ වීරයෙක්…මා සමග කතා කළ ඔහු සේවය කරන්නේ අපේ රට රැක ගැනීමටයි. ඔහු ලබන්නේ සුළු වැටුපක්. නමුත් කොළඹ මාර්ග බාධකයක වාහනයක් නවතන හැම වාරයකම අනතුර ගැන අවදානමක් ඔහුට තිබුණා…ඔහු ක්‍රීඩකයන් වන අප වීරයන් යෑයි හ\න්වා දුන්නේ ඔහුගේ නිහතමානී ගුණය නිසයි. ඇත්තටම වීරත්වය කියන්නේ තමන්ට වඩා අනෙකා ගැන ඇගයීමෙන්, මගේ රස්‌සාව ඔබ රැකීම බව සිතීමෙන්” යෑයි සංගක්‌කාර සඳහන් කරයි.
සංගක්‌කාරගේ කවුඩරි දේශනය තුළ ප්‍රධාන තැනක් ගත්තේ ලාහෝර් ප්‍රහාරය, ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත් ගුණාංග ගැනයි. සංගක්‌කාරගේ පියා නිතිඥවරයෙක්. 1983 වසරේ කළු ජූලියේදී ජිවිත බියෙන් පැනයන ද්‍රවිඩ ජාතිකයන් විසි පස් දෙනෙකුට රැකවරණය දුන්නා. සිය කතාව වෙනුවෙන් පෞද්ගලික ජිවිතය සහ දේශපාලනය එකට සම්බන්ධ කර ගැනීම ගැන බයක් ඇති වුණේ නැත්දැයි වූ පැනයට ඔහුගේ පිළිතුර වුණේ…
“ශාලාව දිහා බැලුවාම මට බයකුත් ඇති වුණා…දේශනයට පැය දෙකකට පෙරාතුව මම කටු සටහන දුන්නා.මම ලෝර්ඩ්ස් ශාලාවට පැමිණි විට එතැන ක්‍රිස්‌ටෝපර් මාර්ටින් ජෙකින්ස් (ටෙස්‌ට් ක්‍රිකට් තරග වාර්තාකරණයේ විශේෂඥයකු මෙන්ම කීර්තිමත් මාධ්‍යවේදියෙකි) සිටියා. මම ඇහුවා කතාව ගැන ඔබේ අදහස…..
දේශනය බොහොම වැදගත් වගේම රසවත් වෙයි.”..සිනාමුසු මුහුණින් දක්‌වන ලද ඔහුගේ ප්‍රතිචාරය දුටු මටත් හිතුණේ…..”ඔව් මම දේශනය කර ගෙන යනවා…”.
“දේශනය අවසාන වුණාම පැමිණ සිටි පිරිස නැගිට්‌ටා. මං හිතුවේ මේක සාමාන්‍ය සම්ප්‍රදායක් කියලයි. නමුත් එතැන ඊට වඩා දෙයක් තිබුණා. මීට ඉහතදී ඔවුන් විදිහට ප්‍රතිචාර දැක්‌වූයේ ඩෙස්‌මන්ඩ් ටුටුට විතරයි. ඔහුගේ දේශනය අපේ විවාදාත්මක මතවාදයකට මුල පිරුවා. නමුත් ධනාත්මක ප්‍රතිචාර නිසා ඒ අදහස යටපත් වුණා. නමුත් ඒ විදිහට ප්‍රතිචාර ලද දෙවැනි අවස්‌ථාව මෙයයි.පරම්පරා තුළ නැඟුන දෝංකාරයක් විදිහට මම මේ අවස්‌ථාව දකිනවා.”
දැනට සංගක්‌කාර විස්‌සයි විස්‌ස තරගවලින් විශ්‍රාම අරගෙන . ඒත් 2015 වෙන තෙක් ඔහු සීමිත ඕවර තරඟ (ඕවර 50 ) වෙනුවෙන් සහභාගි වෙනවා.
“මගේ ක්‍රිකට් ජිවිතයේ ඉදිරිය බොහොම කෙටි නිසා ඉදිරියට තිබෙන හැම තරඟයක්‌ම මට වැදගත්. එය ක්‍රීඩා සමාජයක් , ප්‍රාන්ත හෝ ජාත්‍යන්තර තරඟයක් වෙන්න පුළුවනි.” පසුගිය දිනක ඔහු සසෙක්‌ස් සහ ඩර්හැම් අතර පැවැති තරඟය වෙනුවෙන් ලකුණු 159 ක් ලබා ගනිමින් ඩර්හැම් පිලේ ජය තහවුරු කරන ලදී.ඔහු වඩාත් අගය කරන්නේ ටෙස්‌ට් තරඟයි. පිතිකරුවන් අගය කර නිර්ණායකයන් ගැන ඔහු සිනාසුණේය.
2007 වසර වෙන විට ටෙස්‌ට් ශතක විස්‌සක් ලබා ගත් ඕනෑම පිතිකරුවෙක් ශ්‍රේෂ්ඨයෙක්. ශතක තිහක් ලබා ගැනීම ඊටත් ඉහළයි. ටෙස්‌ට් ශතක තිස් පහක් ලබා ගත්තම මොකද හිතෙන්නේ….?
“හිතට තෘප්තිමත් බවක් දැනෙනවා.” සංගක්‌කාර පවසයි
එංගලන්තයේ නව පුහුණුකරු පීටර් මුවර්ස්‌ය. ඔහුගේ සහායක පෝල් ෆාබ්‍රේස් විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරඟයේදී ශ්‍රී ලංකාවේ පුහුණුකරු විය. සංගක්‌කාර ඔහු ගැන දරන අදහස…
“ෆැබී හොඳ මනුස්‌සයෙක්.ඔහු මිනිසුන් තේරුම් ගන්නවා විතරක් නෙවෙයි….ඔහුව තේරුම් ගන්න මිනිසුන්ට ඉඩ දෙනවා.ඒක පැය මිලියන ගණනක් ගත කරන විග්‍රහයකට වඩා වටිනවා. නමුත් අවාසනාවකට ඔහු එංගලන්තයට ගියා. ඔහු එංගලන්තයට අවශ්‍ය වුණා.
මෑතකදී එංගලන්තය ලත් පරාජයන් ගැන සංගක්‌කාරගේ දෘෂ්ටිය මෙස්‌ය.
“හැම කෙනක්‌ම අළු බඳුන තරඟාවලිය දෙස උනන්දුවෙන් බලා සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ එදා මෙදා පවතින තරඟයක්. ඕස්‌ටේ්‍රලියාව ඉතා හොඳින් සෙල්ලම් කළා. නමුත් එංගලන්තය පන්දු යෑවීම පන්දුවට පහර දීම හා පන්දු රැකීමේ දස්‌කම් පෙන්නුවේ නැහැ. වසර කීපයක්‌ම එංගලන්තය ඕස්‌ටේ්‍රලියාවට වඩා ඉදිරියෙන් සිටියා.නමුත් ඕස්‌ටේ්‍රලියාවට සිටින්නේ මිචෙල් ජොන්සන් , බ්‍රැඩ් හැචින් සහ ස්‌ටීවන් ස්‌මිත් වැනි නවකයන්. ඒත් ඔවුන් ප්‍රබලයි. දුෂ්කර කාලයක් ගෙවා දැන් ශක්‌තිමත්ව සිටිනවා.සමහර අවස්‌ථාවල කෝප වෙනවා. නමුත් විවිධ චරිත සහ අදහස් අතර වෙනස්‌කම් අවශ්‍යයි. අවංක බව, වගකීම සහ වගවීම වෙනුවෙන් තර්කානුකූල බව අවශ්‍යයි.
ගෙවුණ වසර දහහතරක කාලය තුළ සංගක්‌කාර විසින් ශ්‍රී ලංකාවට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට බුද්ධිය සහ උදාරත්වය වැනි විශිsෂ්ට ගුණාංගයන් එක් කරන ලදී.ඔස්‌කාර් වයිල්ඩ් ගැන සඳහන් කළ හැකි ටෙස්‌ට් ක්‍රීඩකයෙක් සිටින්නේ නම් ඒ අතලොස්‌සකි. සංගක්‌කාර ඉන් එක් අයෙකි.
“සාහිත්‍යය හැම විටම මගේ ඇඟේ තිබුණා…
“තමන්ගේ ඇඟෙම තිබුණ සාහිත්‍යය සිය ඇට මස් ලේ නහර වැද දරුවන් වෙනුවෙන් දායාද කළේ මෙසේය.
“දවසක් මම චාල්ස් ඩිකන්ස්‌ගේ ඩේවිඩ් කොර්ල්ඩ් ගැන කියා දෙන්න හිතුණා. කියවන්න ලැබුණේ එක පිටුවයි. පොඩි එවුන් කෑගහන්න ගත්තා.මම කියවන එක නැවැත්තුවා. මගේ බිරිඳටත් හිනාව නතර කර ගන්න බැරි වුණා.”
කුමාර සංගක්‌කාර නම් ක්‍රිකට් පිටියේ මානව සංවේදී පුරුක ක්‍රිකට් ජීවිතයෙන් සමු ගන්නා දිනය එතරම් ඈතක නොවේ. ඔහුගේ සමුගැනීම ජාතික සහ ජාත්‍යන්තරයටම දැනෙනු ඇත. එහෙත් එදා සිට අද දක්‌වාද අද සිට හෙට දක්‌වාද ඔහු විසින් ශේෂ කරන ලද මිනිසත් බවේ සටහන ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය සංවේදිත්වයේ සලකුණක් වෙනු ඇත. එය පසුපෙළ ක්‍රීඩකයන්ට මනා පූර්වාදර්ශයක් සපයනු ඇති…
පරිවර්තනය – පුන්‍යා චාන්දනී ද සිල්වා