ඡන්දෙට එනවාද? නැද්ද? – මෙන්න සංගා ගේ උත්තරේ

0
167

ඉන්දීය කණ්ඩායම සමග ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසු තමන් ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර ඊයේ (27) ප්‍රකාශ කරන ලදී.කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

මේ අතර කුමාර් සංගක්කාර දේශපාලනයට එන බවට රාවයක්ද මෑත කාලයේදී මාධ්‍ය මගින් වාර්තා කිරීමෙන් පසු දේශපාලනයට නොඑන බව සංගක්කාර ඊට ප්‍රතිචාර ලෙස සඳහන් කර තිබිණ.