-කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස සැළකෙයි. ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය අභියාචනාධිකරනය විසින් අද දිනයේ අත්හිටවන ලදී. ගමන් බලපත‍්‍රය තහනම් කරමින් අභියාචනාධිකරණය අද ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරමින් දැන්වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින්ගොනුකල පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය. පසුගිය 27 වැනිදා කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළේ මොහු අත්අඩංගුවට ගැනිමට හෝ පරික්ෂණ පැවැත්වීමට හැකියාවක් ඇත්දැයි යන්න සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි. එම කරුණු අනුව මෙම නඩුව අවසන් වනතුරු කේ.පී.ගේ විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටුවන ලෙසයට අධිකරණය නියෝග කරන ලදී.
