නුවන් කුලසේකර හා ලහිරු තිරිමාන්නට, පකිස්ථානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි විය.
ඒ, අබාධයට ලක්ව සිටින ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට තීරණය කිරීම හේතුවෙනි.
වමත් පිතිකරු ලහිරු තිරිමාන්න, පාදයේ වළලුකර ආබාදයකට ලක්වූයේ පකිස්තානයට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගයට පෙර පැවති පුහුණු සැසියකදී ය.
ඒ හේතුවෙන් ඔහුට එක්දින තරගාවලියේදී හා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.
පකිස්ථානය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව පාදයේ මස්පිඩු ආබාදයකට ගොදුරුවීම හේතුවෙන් නුවන් කුලසේකර ද පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි නොහැකි විය.
අප කළ විමසීමකදි කණ්ඩායම් කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පැවසුවේ, තිරිමාන්න හා කුලසේකර දිවයිනට පැමිණීමට නියමිත බව ය.
ඒ අනුව ලහිරු තිරිමාන්නගේ ස්ථානයට කුසල් ජනිත් පෙරේරා ආදේශ කිරීමට නියමිත අතර, ඔහු ඩුබායි බලා අද පිටත්ව යෑමට නියමිත බව ද කණ්ඩායම් කළමනාකරු පැවසීය.
කෙසේවෙතත් නුවන් කුලසේකර වෙනුවට ක්‍රීඩකයෙකු අදේශ කිරීමට තවමත් තීරණය කර නොමැත.
තරග තුනකින් සමන්විත තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 8 වන දා ඩුබායිහීදී ආරම්භ වේ.