13.1 C
London
Sunday, December 7, 2025
spot_img

කුසල් ජනිත් සංචිතයට නම් කර නැත.

නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ඇංජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේය.

එම කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත්, සචිත්‍ර සේනානායක සහ ශමින්ද එරංග ඇතුළත්ව සිටිති.

කුසල් ජනිත් සංචිතයට නම් කර නැත.

නවසීලන්තය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 07 කට සහභාගි වීමට නියමිතය.

පළමු තරගය ජනවාරි මස 11 වන දින ක්‍රයිස් චර්ච් හිදී පැවැත්වෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles