Thursday , 30 November 2023

කුසල් ජනිත් සංචිතයට නම් කර නැත.

නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ඇංජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේය.

එම කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත්, සචිත්‍ර සේනානායක සහ ශමින්ද එරංග ඇතුළත්ව සිටිති.

කුසල් ජනිත් සංචිතයට නම් කර නැත.

නවසීලන්තය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 07 කට සහභාගි වීමට නියමිතය.

පළමු තරගය ජනවාරි මස 11 වන දින ක්‍රයිස් චර්ච් හිදී පැවැත්වෙයි.

Check Also

සංගා එජාපයෙන් මහ ඡන්දෙට

විටින් විට ක්‍රීඩා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රය උණුසුම් කරනු ලබන කුමාර් සංගක්කාරගේ දේශපාලන ආගමනය පිළිබද ...

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...