අධි ආරක්ෂිත කලාපයේ අක්කර දහසක් මුල් පදංචිකරුවන්ට ලබාදෙයි.

0
125

උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර දහසක් එහි මුල් පදංචිකරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙළ මුල් පියවර ලෙස ඉඩම් අක්කර 425 ක් නිදහස් කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පෙරවරුවේ යාපනයේදී පැවැත්විය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමාත්‍යවරුන් වන එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, පී.එම්. ස්වාමිනාදන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර, එච්.එම්.ජී.එස්. පලිහක්කාර, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.