මාතලේ දිස්ත්‍රික්කයෙන් නාය යාමේ අවදානම් කලාප 295ක් හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි නාය යාම් අධ්‍යන හා අවදානම් කළමනාකරණ අංශයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී භූ විද්‍යාඥ එම්.එම්.සී.යූ.බී. මොරේමඩ
මහතා පැවසුවේ ඉන් 83ක් ම දැඩි අවදානම් කලාප වන බව ය.
එමෙන්ම අදාළ ප්‍රදේශවලින් පවුල් 89ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය.