පාසැල් ගුරුවරියක් සිසුවකු සමග අශ්ලීල නර්තනයක නිරතවීම නිසා අධිකරණය වෙත යාමට සිදුව තිබෙනවා. 42 හැවිරිදි මෙම ගුරුවරිය පන්තියක සිසුවකුගේ උපන් දිනයක් වෙනුවෙන් පන්තියේ අනික් සිසුන් ඉදිරියේ සමාජ ශාලා වල නටන ආකාරයේ ශෘංගාරාත්මක නර්තනයක ( Lap Dance) නිරත වීම ඊට හේතුවයි.
ඇය, පහළොස් වැනි උපන් දිනය සැමරූ සිසුවා තුරුළු කර ගනිමින් ශෘගාරාත්මකව නටා ඇති බව විදෙස් වාර්තා පවසනවා. මෙම නර්තනය අවසානයේ සිසුවා තදින් සිපගෙන තිබේ.
ගුරුවරියගේ මෙම රංගනය පිළිබද වාර්තා වු වහාම පාසැලේ බලධාරීන් ඇය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් තිබෙනවා. අනතුරුව සිසුවකු සමග නොමනා සබඳතා පැවැත්වීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගුරුවරිය ඩොලර් 30000 ක ඇපයක් මත මුදා හැර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
මේ වනවිට අදාල පාසැල් බලධාරීන් ඇයගේ සේවය අත්හිටුවා ඇති බවද විදෙස් වාර්තා පවසනවා.

