ලසන්නත සමුගෙන අදට වසර 5යි

ජ්‍යෙෂ්ඨ මා‍ධ්‍යවේදියෙකු දේශපාලනඥයෙකු මෙන්ම මානව හිතවාදියෙකු වූ ඔබ අපට සදාතනික මිතුරෙකි.

අප මාධ්‍ය ජාලය හා සමග ඉතා සමීපව කටයුතු කළ ඔබ සැපේදී මෙන්ම දුකේදී ද අප ළඟ සිටි බව සිහිපත් කරන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.

දක්ෂතා රැසකින් හෙබි පුද්ගලයෙක් වූ ලසන්ත වික්‍රමතුංග සත්‍යය අනාවරණ කිරිම අරමුණු කරගනිමින්, සන්ඩේ ලීඩර් පුවත්පත ඇරඹුවේය.

වරදකරු සමාජයේ කුමන තරාතිරමක ‍අයෙකු වුවත් ඔහු ගැන සිය පුවත්පතෙන් හෙළිදරව් කිරිමට ලසන්ත පසුබට නොවීය.

අයුක්තියට එරෙහිව දැඩි හඬක් නැගූ ලසන්ත ගවේෂණාත්මක වාර්තාකරණයේ නව මංපෙත් විවර කළේ, සිය අනුගාමිකයින් මෙන්ම විවේචකයින් ද මවිත කරමිනි.

MTV/MBC මාධ්‍ය ජාලයට අයත් දෙපානම පිහිටි මැදිරි සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල වූ දිනද ඔහු සිය අභීත හඩ මෙලෙස අවදි කළේය.

2009.01.06
ලසන්ත වික්‍රමතුංග මහතා

ත්‍රස්ත ක්‍රියාවලට මේ මැර ක්‍රියාවලට එරෙහිව නැගී සිටිය යුතුයි. මේ පළවැනි වතාවත් නෙමෙයි මෙවැනි සිද්ධියක් වෙලා තියෙන. මෙය අවසාන වතාවත් අනිවාර්යෙන්ම නොවෙන්න පුළුවන්. ඒ වුණත් අපි අධානයෙන් මේ තත්ත්වයට මුහුණදීමට සූදානම්. මාධ්‍ය ආයතන සියලු දෙනා එක්මුතුවී මෙයට සූදානම් විය යුතු බව පැහැදිලිව කිව යුතුයි

එහෙත් මාධ්‍ය නිදහස පිළිබඳව දැවැන්ත ප්‍රශ්නාර්ථයක් මතු කරමින් පන්හිඳ අසිපතකට වඩා සවිමත් බව සනාථ කරමින්, ඔබ එල්ල කළ අභියෝගයට පිළිතුර වූයේ ජීවිතය අහිමිවීම ය.

ලසන්ත මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුවූයේ දෙහිවල අත්තිඩිය පාර ඔස්සේ සුපුරුදු පරිදි සිය සේවා ස්ථානයට යමින් සිටියදී ය.

දහසකුත් සෝ සුසුම් මැද ඔබ අපෙන් වෙන් කළ ද ඒ මනුෂ්‍යත්වය නිර්භීතභාවය මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන් ඔබ වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 5ක් සම්පූර්ණ වුවත් මේ සාහසික අපරාධයේ සුල මුල රටට අදටත් රහසකි.

NewsFirst

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...