පොදුරද සමුළුවට ගෙන්වු අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් අවභාවිතය යෙදවීම සම්බන්ධයෙන් ඌව හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් මේවන විට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
2013 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවති අතර ඊට ගෙන්වන ලද සුඛෝපභෝගී බස් දෙකක් මෙලෙස අවභාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙලෙස ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව සඳහන්ය.
එකී සැප බස් රථ දෙක විදේශ කටයුතු අමාත්‍යංශ භූමියේ අතහැර දමා තිබියදී සොයාගත් අතර එක් බස් රථයක් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයින් සමග විනෝද ගමන් සඳහා යොදාගෙන තිබූ අයුරු ඇතුළත් ඡායා රූප මාධ්‍ය මගින් වාර්තා කර තිබිණ.
මෙම සැප බස් තුළ මුළුතැන්ගෙය, නාන කාමරයක්, නිදන ඇඳන්, සෝෆා, විදුලි පංකා, වායු සමීකරණ, හා ශීතකරණ පවා ඇති බව කියැවෙයි.
ඡායාරූප උපුටා ගැනීම වෙලේ සුදා ෆේස්බුක් පිටුව