පරිගණක දෝෂයක් නිසා ලන්ඩන් නුවර හා ඒ අවට ගුවන් අවකාශය තුළ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
බ්‍රිතාන්‍ය බලධාරීන් පැවසුවේ ශැන්වික් පාලක මැදිරියේ සිදුවූ තාක්ෂණික ගැටලුවක් මීට හේතුව බව ය.
එම පද්ධතිය මේ වනවිට යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගෙන තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ එම පරිගණක දෝෂය හේතුවෙන් ගුවන් ගමන් රැසක පාමාදවීම සිදුව ඇති බව ය.