එක් සොඳුරැ මිනිසෙකුගේ උපන් දින සාදය කිංස්බරි පංසලේදී සැමරෑ වගයි…..

අද, ඇහැළ මහේ විසිනමවෙනිදා හැන්දෑයාමයේ අපූරැ උපන්දින සාදයකට සහභාගී වීමට භාග්‍ය ලදිමි.

මා එය අපූරැයි කීවේ කාරණා දෙකක් පෙරදැරිකරගෙනයි. ඉන් පළමුවැන්න වූයේ එය පැවැත්වූයේ පන්සලක වීමය.

දෙවැනි කාරණය වූයේ ගිලන්ව එක්තැන්ව කතා කිරීමට පවා නොහැකිව දිවියේ සැදෑ යම ගෙවන අද උපන්දිනය සැමරෑ තැනැත්තා සිහිකොට එතැනට විශාල පිරිසක් එක් රොක් වීමය.

සියල්ල උඩුයටිකුරැවී ඇති වර්තමානයේ පන්සල්වලද උපන්දින සාද පැවැත්වීම අරැමයක් නොවේ. 

ඒ වුවත් මුදලට,බලයට හා අනාගත යේදී ලඟාකරගත හැකි සුබසිද්ධියක් පතාම යමෙකුට සලකන මේ සමාජයේ දැන් කිසිත් කරකියාගත නොහැකි නමුත් අතීතයේදී ඔහුගෙන් තමන්ට වූ යහපත හා සේවය සලකා ඔහුට සුබ පැතීමට මෙවන් ජනකායක් එක්රොස්වීම නම් අරැමයක් මැයි.

ඔහු වෙනකවුරැවත් නොව ලංඩනයේ කින්ස්බරිහි පිහිටි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ චිරාත් කාලයක් වසමින් එහි දේවලය පවත්වාගෙන ගිය අපගේ ආදරණීය කපු මහත්තයාය.කපු අයියාය. කපු අංකල්ය. කුඩාදරැවන්ගේ කපු සීයාය.

නමින් ලීලාරත්න කාරියවසම් වුවත් එතුමා සැමගේම ආදරණීය කපු මහතාම විය.

පන්සලට එතුමාගෙන් සිදුවූ සේවය එහි යන එන සැමටම රහසක් නොවීය. එතුමා අවුරැදු ගණනක් තිස්සේ පන්සලෙහිම ජීවත් වෙමින් පන්සලෙහි වැඩවාසී භික්ෂූන් වහන්සේලාගේ උවමනා එපාකම්ද බලමින් පන්සලේ දේවාලය හොඳින් පවත්වාගෙන ගියේය.

පන්සලට ගොඩවූ ඕනෑම තරාතිරමේ කෙනෙකුට කපු මහතාගේ වූයේ එකම සිනහවකි. හොඳින් ඇඳ පැළද ගෙන ආවත්, නිකන් ඇඳුමක් එල්ලගෙන ආවත් එමෙන්ම බෙන්ස් කාරයකින් ආවත් එසේ නැත්නම් බසයෙන් ආවත් ඒ සිනහවෙහි කිසිදු වෙනසක් නොවීය.

එතුමාගෙන් තේ එකක් බී හෝ කෑම ටිකක් කා මිස ආපසු යාම ඉතාම අසීරැ කටයුක්තක් විය.

කෙතරම් සෙනඟ සිටියත් එතුමා රෑ දෙගොඩහරිය වනතුරැම දේවාලයේ පූජාව එකලෙසටම කරගෙන ගියේය.

කිසියම් සුබ කටයුක්තක්,විභාගයක්,සම්මුඛ පරික්ෂණයක් හෝ අපල උපද්‍රවයකදී සැමටම සිහිවූයේ එතුමාය. සැමටම පිහිට වූයේ එතුමාය.

සමහර දිනවල අසනීප පවා නොතකමින් යාතිකා කළ අයුරැ සිහිවන විට නෙතට එන කඳුළු සඟවා ගැනීමට මට මහත් ආයාසයක් දැරීමට සිඳුවිය.

එතුමා අතින් ආරක්ෂා නොවූ නව නිවසක්,නව ව්‍යාපාරයක් හෝ නව මෝටර් රථයක් නොවිනි.

එතුමා අතින් අෂ්ටක කීමෙන් පෝරැ මස්තකව යුඟදිවියට පිවිසි යුවතිපතීන්ම නම් කෙතෙක්ද?

එතුමා විසින් පිඹින ලද හක්ගෙඩි නාදය මධ්‍යයේ දැල්වුණු පොල්තෙල් පහන් නම් කෙතෙක්ද?

එතුමා නොමැති පන්සලේ අවුරැදු උත්සවය මනමාලයා නැති මඟුල්ගෙදරක් සේ දිස්විය. අපූරැ හාස්‍යජනක කතා කියමින් අප සමඟ එතුමා අවුරැදු උත්සවයේ වේදිකාව
සැකසූ අයුරැ මට අදත් සිහියට එයි.වැඩකරන සියලුම දෙනා එතුමාගේ විහිළුවලින් නව පණක් ලැබ මහන්සි නොතකා වැඩ කළහ.

එහෙත් හදිසියේ මේ සියල්ල නැවතිණි. ඒ මුසල දිනයේ කපුමහත්තයා තදින්ම රෝගතුර විය. වැළඳුණු ආබාධයෙන් එතුමාට කතා කරගැනීමට නොහැකි විය. වම් අත හා කකුලේ ක්‍රියාකාරිත්වයද නැතිවිය.

එතැන්පටන්‍ පුද්ගලික සුවසේවා මධ්‍යස්තනයක නැවතී සිටින්නට එතුමාට සිදුවිය. දිවිය රෝද පුටුවටම සීමා විය. කෙතරම් කාර්‍ය බහුල වුවත් එතුමාගේ හිතවතුන් විශේෂයෙන්ම නේපාලයේ සුමන හිමියන් ඇතුළු හාමුදුරැවරැ එතුමා දැකබලා සුවදුක් විචාරීමට එහි යාමට අමතක නොකළහ.

අද එහි සිට පන්සලට කැටුව ආ එතුමාට සෙත්පතා සංඝ්‍යාවහන්සේ සෙත් පිරිත් දේශනා කිරීමෙන් අනතුරැව හිතවතුන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයේ උපන්දින කේකය කැපීමෙන් උත්සවය නිමාවට පත්විය.

එහිදී අදුනන මුහුණු දැකීමෙන්‍ මහත්ම වූ සතුටක් ලැබූ එතුමා සතුටු කඳුළු හෙළනු දුටු සැමගේම නෙත් ඉනු කඳුළින් දිලිසෙන අයුරැ බොඳවූ චිත්‍රයක් මෙන් මට පෙනුණි.

එතරම් දෙවියන්ට යාතිකා කළ හා දෙවියන්ට වතාවත් කළ, දැහැමි ලෙස හැමටම කරැනාවෙන් දිවි ගෙවූ එතුමාගේ දිවියේ සැදෑ යාමයේ ඉරණම මෙලෙසට තීන්දුවිය.

මේ කෙටි දිවියේ අපේ ඉරණම කුමක් විය හැකිද? ඒ ඉරණම කාහටනම් වෙනස් කළ හැකිද? සියල්ල අනියතබව සිතා මම තාවකාලිකව හිත හදා ගතිමි…

සටහන චන්දන ගුණසේකර විසිනි…

Check Also

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක ...

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...