මහා බ්‍රිතානයේ නෙස්බි ආදිපාදවරයා (Rt. Hon. the Lord Naseby, PC, Baron of Sandy)ඊයේ ( 29) උදෑසන ආරක්ෂක අමාත්‍යංශයිය පරිශ්‍රයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
මෙහිදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමග නෙස්බි ආදිපාදවරයා ද්විපාර්ශ්වික කරුණු පිළිබඳ ව සුහද පිළිසඳරක යෙදුණි.
මේ මස 28දා සිට පෙබරවාරි මස 5දා දක්වා මෙරට සංචාරයක යෙදෙන නෙස්බි ආදිපාදවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සාමාජිකයෙක් මෙන්ම ප්‍රිවි කවුන්සලයේ ද සාමාජිකයෙකි.
ශ්‍රී ලංකාව සමග දශක පහකට අධික කාලයක සිට සම්බන්ධතා සහිත නෙස්බිහි ආදිපාදවරයා දේශපාලන කටයුතුවලට පිවිසීමට පෙර රෙකිට් ඇන්ඩ් කොල්මන්ස් සමාගමේ සහ කොළඹ කොමර්ෂල් සමාගමේ කළමනාකරුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ශ්‍රී ලංකාවේ සේවය කර ඇත.
මෙම අවස්ථාව සිහිපත් වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් සමරු තිළිණයක් ද නෙස්බි ආදිපාදවරයා වෙත පිළිගන්වන ලදී.