ඔබ කොතරම් සුන්දර ප්‍රේම වෘත්තාන්ත අසා තිබුනද ලරිසා සහ ඉයන්ගේ ප්‍රේම වෘත්තාන්තය ඒ සැමටම වඩා වෙනස් හා සුන්දර වනවා නිසැකය.
පාසල් කාලයේ ප්‍රේමයෙන් වෙළුනු මෙම තරුණ යුවළගේ ප්‍රේමයට දසමසක් ගතවන විට ඔවුන්ගේ ජීවිත මුළුමනින්ම වෙනස් කරන ආකාරයේ සිදුවීමක් සිදුවිය.
ඒ, ඉයන් දරුණු රිය අනතුරකට පත්වීමෙන් අනතුරුව ඔහුගේ මොළයට හානි සිදුවීමයි. මේ හේතුවෙන් ඔහුගේ ශරීර ක්‍රියාකාරීත්වය දුර්වල වූ අතර, සන්නිවේදනය කිරීමේ ගැටළු ද ඔහුට ඇතිවිය. කිසිඳු පෞද්ගලික කාර්යයක් වත් තනිවම කරගැනීමට නොහැකි තත්වයට පත්ව සිටි ඉයන්ව අතහැර දා යාම වෙනුවට ලැරිසා සිදුකළේ ඔහුව රැකබලා ගැනීමේ අටියෙන් ඔහුගේ නිවසට පදිංචියට යාමයි.
ඇය තීරණය කර තිබුණේ ඔහුට කතා කිරීමේ හැකියාව ලැබුණහොත් ඔවුන් දෙදෙනා යුග දිවියට එළැඹෙන බවයි. එලෙසම රිය අනතුරෙන් වසර හතකට පසු ඉයන්ගේ තත්වය සුව අතට හැරී ඇති අතර සියළු අභියෝග ජයගනිමින් මෙම සුන්දර යුවල මෙම වසරේ අතිනත ගෙන ඇත…
මේ ආදරේ ගැන යාලුවොන්ටත් දැනගන්න SHARE කරන්නත් අමතක කරන්න එපා.
source: srilankamirror.lk