ජපානයේ කොන්ඩම් සහ වෙනත් ලිංගික උපකරණ අලෙවිසැලක් වන කොන්ඩොමේනියා සඳහා වන ප්‍රචාරණ ව්‍යාපාරයක් වෙනුවෙන් පෙම්වතුන් මුද්‍රා තැබීම සිදුකරමින් ඇතැයි වාර්තා වේ. ඔබත් ඔබගේ පෙම්වතා හෝ පෙම්වතියත් එකෙකු ලෙස දැනේවිද යන්න එහි තේමාව වී තිබේ.ජපාන ඡයාරූපශිල්පී හල් විසින් මෙ මුද්‍රා තැබීම සිදුකරන අතර තදින් එකිනෙකා වෙළුනු නිරුවත් යුවල විනිවිද පෙනෙන බෑගයක් ඇතුළට දමා වසා දමනු ලැබේ. ඡයාරූප ගැනීම අතරවාරයේ ඔවුන් කෑනයක් මගින් ඔක්සිජන් ලබාගන්නා අතර මුද්‍රා තැබීමට ලක්වී සිටින්නට සිදුවන කාලය තත්පර 10ක් පමණක් යයි පැවසේ.
ඡයාරූපශිල්පී ‘හල්’ පවසන්නේ මිනිසුන් සම්පූර්ණ වන්නේ ඔවුන් එක්වූවිට පමණක් බවයි. ඔහු වසර කිහිපයක් තිස්සේ මෙවැනි ඡයාරූප ගැනීම් සිදුකරන අතර එය කායික ආදරය නම් ව්‍යාපෘතියක් ලෙසද ක්‍රියාත්මක වේ. ‘හල්ට’ බීමහල් වලදී හමුවන යුවළවල් මෙලෙස නිරූපණයන්ට එක්කරගන්නා බව ඔහු පවසා ඇත.උපත් පාලන ක්‍රම ප්‍රචලිත කිරීම සඳහා මෙවැනි ආකර්ෂණීය ප්‍රචාරණ වැඩපිළිවෙළවල් කෙතෙක් ක්‍රියාත්මක වුවද විශ්ලේෂකයන් පවසන්නේ ඇමරිකාව තුළ නම් එය මගින් විශාල වෙනස්කමක් සිදුකරනු දක්නට නොහැකි බවයි.ඇමරිකාවේ යෞවනයන් අතර කොන්ඩම් පරිහරණය 60%ක මට්ටමේ නැවතී ඇති අතර සමීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ වයසින් වැඩි වීම සමග උපත් පාලන ක්‍රම පරිහරණයද අඩුවන බවයි.