උසස්පෙල නංගිලාගෙන් දවසට ලියුම් 10 ක් ලැබෙනවා -මාධව

මාධව විජේසිංහ ඔහුගේ උප්පැන්නයේ ඇති නමයි. උප්පැන්න සහතිකයේ ඇති නමට වඩා ඔහුව අද කවුරුත් හඳුනන්නේ ’අනුහස්’ නමින්. ඒ ‘තූර්යා’ ටෙලිනාට්‍යයේ ඔහු මවන චරිතය නිසා. ‘පාරා වළලූ’, ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ ඔස්සේ ද ඔහු පේ‍්‍රක්ෂකයා හමුවට පැමිණෙයි. මේ කතාබහ ඔහු සමගයි.

මේ දවස්වල වඩා ජනප‍්‍රිය මාධව ද අනුහස් ද?

මාධවට වඩා අනුහස්ව ජනප‍්‍රියයි. මගතොටේදී හමුවන හැමදෙනාම අනුහස් කියලයි කතා කරන්නේ.

නළුවෙක් වුණේ කොහොම ද?

නිවේදන කලාව හරහා රංගනයට පිවිසෙන්න ඉඩ ලැබුණා. පුංචි කාලෙ ඉඳලම කලාව නුහුරු දෙයක් නෙමෙයි. නිවේදකයෙක් විදිහට හැමදෙනාගෙම ආදරය දිනාගත්තා.”

නිවේදනයට ද රංගනයට ද ඔබ වඩාත් කැමැති?

නිවේදනයට මම වඩාත් කැමැතියි. රංගනයේදී වගේ නෙවෙයි නිවේදනයේදී රසිකයා සමග ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්න ස්වරූපයෙන් ම අසන්නන් වෙත සමීප වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් නිවේදනයත් රගපෑමත් දෙකම මං කැමැතිම වෘත්තීන් දෙකක්.”

මේ වෙනකොට ඔබ පෙම්වතෙක් වෙන්න ඇති?

තවම නං පෙම්වතෙක් නෙමෙයි.”

කලා ක්ෂේත‍්‍රයෙන් වැඩියෙන් ඒ වගේ ආරාධනා ලැබෙනවා ඇති නේද?

එනවා. එය මට නම් සාමාන්‍ය දෙයක්. එහෙම එන පේ‍්‍රමාරාධනා මම කාගෙවත් හිත රිද්දල ප‍්‍රතික්ෂේප කරන්නේ නැහැ. එය හිතනොරිදෙන විදිහට මග හැරල ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් තවමත් ගැළපෙන කෙනා මට මුණගැහිල නැහැ.”

ඔබ පෙම්වතියගෙන් බලාපොරොත්තු වන ගතිගුණ මොනවගේ ද?

මම බලාපොරොත්තු වන්නේත් සාමාන්‍යයෙන් පිරිමියෙක් බලාපොරොත්තු වන දේම තමයි. ඇයට මේ ක්ෂේත‍්‍රය ගැන ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මා නියැළෙන රැුකියාවේ ස්වභාවය, වගකීම, වේලාවක් කලාවක් නොමැති බව පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම ඇය සුන්දර තරුණියක් විය යුතුයි.

‘තූර්යා’ හි ඔබත් සමග ‘ටිකිරි’ ගේ චරිතය රගපාන සඳනි ගැන හිතන්නේ කුමක් ද?

සඳනි ඇයත් දෙරණ නිවේදන කටයුතු කරන කාලෙදියි මම දැන හඳුනා ගත්තේ. නැවත වතාවක් ඇය මාත් සමග රංගනයේ නියැළෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. ඇය ඉතාම හොඳ යෙහෙළියක් කියල කියන්න පුළුවන්.”

වැඩිපුරම ඔබට ප‍්‍රතිචාර ලැබෙන්නේ පේ‍්‍රක්ෂකයින්ගෙන්ද පේ‍්‍රක්ෂිකාවන් ගෙන්ද?

ගොඩක් වෙලාවට පාසල් යන වයසේ පසුවන නංගිලා ගෙන් සහ උසස් පෙළ හදාරණ නංගිලාගෙන් ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි. ලියුම් 8 ක් 10 ක් ගෙදරට දවසකට ලැබෙනවා. ඒ ලියුම්වල තියෙන දේවල් කියවල බැලූවම හරි සතුටක් දැනෙනවා.”

ඔබ ගොඩක් ෆැෂන් කරන කෙනෙක්ලූ නේද?

ෆැෂන් කරන්න මම හරි කැමැතියි. ඒ මොන දේ කළත් මම මට සුදුසු ලෙස අඳින්න වග බලා ගන්නවා. හුගාක් වෙලාවට මම කැමැතිම ඇඳුම තමයි ඩෙනිමයි, ටී ෂර්ට් එකයි.

ඒ හරිම සැහැල්ලූ ඇඳුමක්. මම දිස්නෙ දෙන ඇඳුම් වැඩසටහන් නිවේදනයේදී ඇන්ඳත් සරල ජීවිතයේ දී ඒ වගේ ඇඳුම්වලට කැමැති නැහැ.”

කලා ක්ෂේත‍්‍රයේ නිරත වීමෙන් ලැබෙන ආදායම ජීවත් වෙන්න ප‍්‍රමාණවත් ද?

අපේ මුදල තීරණය වෙන්නේ කලා ක්ෂේත‍්‍රය තුළ තමා තමන්ට ලබාදෙන වටිනාකම මතයි. කලා ක්ෂේත‍්‍රය තුළ මගේ වටිනාකම ගැන මට සතුටුයි. මම අරක්කු සිගරට් බොන්නේ නැහැ.

හරිම ජොලියෙන් තමයි ඉන්නේ. ජීවිතේ හැමදේම සමබරව විඳ දරා ගෙන සතුටින් කාලය ගත කරන කෙනෙක් මම.”

ඔබත් සමග රංගනයේ නියැළෙන සෙසු කලාකරුවන් ගැන හිතෙන්නේ මොනවද?

මම ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට ඇවිත් දැන් අවුරුදු පහක් පමණ වෙනවා. අද වෙනතුරු මට හම්බ වුණු ප‍්‍රවීණ රංගන ශිල්පීන් ගෙන් මට ලැබුණේ විශාල අත්වැලක්. ඔවුන් ගැන මම කතා කරන්නේ ඇත්තටම සතුටෙන්. හැමවෙලාවෙම උදව් උපකාර කරනවා.”

ඔබේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොනවගේ ද?

මගේ පවුලේ අම්මා, තාත්තා සහ අයියා පමණයි ඉන්නේ. පුංචි කාලෙ ඉඳලම මගේ රංගනයට අම්මාගෙන් ලැබුණේ විශාල සහයෝගයක්. අදටත් ඇය මා වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා.”

සිනමා රංගනයට පිවිසෙන්නට බලාපොරොත්තුවක් නැත්ද?

පසුගිය දිනවල සනත් අබේසේකරගේ ’අනගාරික ධර්මපාල’ සිනමා කෘතියට දායක වුණා. වෙනත් සිනමා නිර්මාණවලට තවම නම් ආරාධනාවක් ලැබිල නැහැ.

නමුත් හොඳ චරිතයකට ආරාධනාවක් ලැබුණොත් ඕනම කැපකිරීමක් කරලා ඒ චරිතය රගපාන්න මම සූදානම්.”

අනාගත බලාපොරොත්තු?

හොඳ අධ්‍යක්ෂකවරයකු වීමේ හීනයක් තිබෙනවා. මාධ්‍ය කලාව – තාක්ෂණය පිළිබඳ මම හොඳින් හදාරා තිබෙනවා. ඒ දැනුම උපයෝගීකරගෙන අධ්‍යක්ෂණයට පිවිසීම තමයි අරමුණ.

සාකච්ඡුාව – තුෂාරි නේරංජා

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...