12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

මහින්ද නිසා මධු ආයෙත් නිල්මිණීට සෙට් වෙලා

දික්කසාදවී සිටි මධුමාධව අරවින්ද හා තමා දැන් හොඳ මිතුරන් බවට පත්ව ඇති බව නිල්මිණි තෙන්නකෝන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ.

නිල්මිණි මේ බව කියා ඇත්තේ මොරටුව බෞද්ධ මන්දිරයේදී පසුගිය සතියේ පැවති බෝධි පූජා පිංකමකින් අනතුරුව පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරය.

හිටපු ජනපතිවරයාගේ වැඩවලදී මධූ හා නිල්මිණි නිතර හමුවීම මේ යළුකම තීවුරවීමට හේතුවූ බවද නිල්මිණි හිටපු ජනපතිවරයාට පවසා ඇත.

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවසේ පැවති මෙම භෝජන සංග්‍රහයට ආප්පද තබා තිබූ බවත් ආප්ප පැමිණ සිටි පිරිසගේ කුස පිරවීමට මෙන්ම විහිළු තහළුවටත් ලක්වූ බව පැවසේ.

දික්කසාද වී සිටින කලා ශිල්පී මධුමාධව අරවින්ද සහ කලා ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් යන දෙදෙනාද මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන්නන් අතර වේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles