අරක්කු කාලක් එවපන් කවුරු හරි අතේ – සෝභිත හිමි

වත්මන් සමාජය බරපතළ පිරිහීමකට ලක්ව ඇති බව කෝට්ටේ නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

පිළියන්දල මධ්‍යමහා විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති දහම්පාසල් ගුරු උපහාර උළෙලක් අමතමින් සෝභිත හිමියන් මේ බව පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ද පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් එහිදී මෙලෙස අදහස් පළ කළේය.

“එතනෝල් ගෙන්නේ කන්ටේනර් ගණන්. ඒ වගේ ම ඉස්සර කුඩු පොඩ්ඩයි ගේන්නේ. දැන් ගේන්නේ ගෝනි ගණන්. කුඩුවලට කවලම් වෙලා දේශපාලනය. ඒ ගොල්ලේ ගේනවා පොලීසිය ඉන්නේ සාමය නීතිය රකින්නනේ. ඒ ගොල්ලෝ කුඩු විකුණනවා. බණ කියලා බණ කියලා භික්ෂු වැඩියි. එතනට අපි වැටිලා ඉන්නේ. මේ අගාධයෙන් අපි ගොඩ එන්නේ කොහොමද? ඒ නිසා මහා විශාල පෙරළියකට විප්ලවයකට කාලය ඇවිල්ලා තියෙන්නේ. අර සිංදුවක් තියෙනවා නේද?

ඉර නාවත් කමක් නැතේ රත්තරන් පුතේ. සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ. උඹ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ අරක්කු කාලක් එවපන් කවුරු හරි අතේ.

තාත්තලා තාත්තලා බව දන්නේ නෑ. අම්මලා අම්මලා බව දන්නේ නෑ. ගුරුවරු ගුරුවරු බව දන්නේ නෑ හාමුදුරුවෝ හාමුදුරුවෝ බව දන්නේ නෑ. මෙන්න මේ පාඩම කියා දෙන්න.”

– Adaderana

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...