මහේල ජයවර්ධනගේ 19 වැනි එක්දින අන්තර්ජාතික ශතකය ඊයේ වාර්තා වෙයි.

-ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර නවසීලන්තයේ ඩනෙඩින් නුවරද ඊයේ (22 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 25 ක් රැස්කරගැනීමත් සමගම ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලකුණු 1000 කඩයිම පසුකිරීමට මහේල ජයවර්ධන සමත් විය. ලෝක කුසලාන තරග වලදී ලකුණු 1000 ක් ලබාගත් සිවුවැනි ශ්‍රී ලාංකිකයා වන්නේ මහේල ජයවර්ධනයි. මේ දක්වා ලෝක කුසලාන තරග 35 කට සහභාගි වී ඇති මහේල ඊයේ ලබාගත් ලකුණු 100 ත් සමගින් රැස්කරගෙන ඇති ලෝක කුසලාන ලකුණු සංඛ්‍යාව 1075 කි.
සනත් ජයසූරිය (1165), අරවින්ද ද සිල්වා (1064) සහ කුමාර් සංගක්කාර (1037) තිදෙනා මහේලට පෙර ලෝක කුසලාන ලකුණු 1000 කඩයිම පසුකර ගොස් තිබිණ.

ඊයේ තරගයේදී මහේල ජයවර්ධන ලකුණු 100 ක් ලබාගත් අතර එය ඔහුගේ 19 වැනි එක්දින අන්තර්ජාතික ශතකය වේ. එය ලෝක කුසලාන තරගවලදී ශ්‍රී ලාංකික පිතිකරුවකු විසින් ලකුණු 50 කට හෝ වැඩියෙන් ලබාගත් 9 වැනි අවස්ථාවද වේ.
සනත් ජයසූරිය ,මහේල සමගම මෙම වාර්තාව උසුළන අනෙක් ශ්‍රී ලාංකිකයා වේ.

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...