11.9 C
London
Tuesday, December 9, 2025
spot_img

මහේල සමග සංගා අදින් පසුව ආයෙත් එන්නේ නෑ

මංගල තරගය මෙන්ම තමන් මෙරටදී සහභාගීවන අවසන් තරගය ද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ක්‍රීඩා කිරීම ලැබීම සුවිශේෂී අත්දැකීමක් බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

ඔහු මේ බව පැවසුවේ, එංගලන්තට එරෙහි අවසන් එක්දින තරගය සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

දිවා/රාත්‍රී තරගයක් ලෙස එය හෙට පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීය.

දක්ෂ පිතිකරුවකු, පන්දු රකින්නකු සහ නායකයෙකු ලෙස 17 වසරක් ශ්‍රී ලංකාව නියෝජනය කළ මහේල ජයවර්ධන සහභාගි වූ එක්දින තරග සංඛ්‍යාව 428කි.

ඔහු නායකයකු ලෙස ලැබූ ඉහළම ජයග්‍රහණය වූයේ 2007දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය දක්වා මෙහෙය වීමයි.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී එංගලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන තරගය ඔහු මෙරටදී සහභාගි වන අවසන් ජාත්‍යන්තර තරගය වේ.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහේල ජයවර්ධන මෙසේ පැවසීය.

මම හිතන්නේ ගොඩක් වාසනාවන්තයි පටන් ගත්ත තැනින් මගේ අවසන් තරගයත් ලංකාවේදී සෙල්ලම් කිරිමට ලැබීම. වැදගත්ම වෙන්නෙ මම ඉතාමත් සන්තෝසෙන් මේ කාලයේ දී සෙල්ලම් කළා.
මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර එක්ව ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරනු දැක බලා ගැනීමේ අවස්ථාව ද හෙටින් පසුව ක්‍රීඩා ලෝලීන්ට උදා නොවනු ඇති.

ඒ මහේල මෙන්ම සංගක්කාර ද එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කිරීමයි.

මාධ්‍ය හමුවේදී වැඩි දුරට ත් අදහස් දැක්වූ මහේල ජයවර්ධන මෙසේ පැවසීය.

හැම දෙයක්ම නිමාවට පත්වෙන්න ඕනෙ, අපි දෙන්න එතරම් මේ ගැන කණගාටුවට පත්වන්නෙ නැහැ. මොකද අපි පුළුවන් තරම් අපගේ උපරිම ශක්තියෙන් කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරල තියෙනවා.

(වීඩියෝව පහතින් නරඹන්න)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles