මගේ සමුගැනීම හොඳට හිතල බලල ගත්තු එකක්
මහේල ජයව3⁄4ධන මාධ්‍ය සාකච්ඡාවකදී කියයි
ප්රශ්නය: ඔබේ සමුගැනීම ඉක්මන් තීරණයක්ද?
පිළිතුර: හදිසි තීරණයක් නෙමෙයි. මං හිතලා ගත්තු තීරණයක්. නායකත්වය දරද්දීත් මම මේ වගේ තීරණ අරන් තියෙනවා. එහිදී මං
බැ ̈වා මම දැන් ඉන්නේ කොතනද කියන එක. සහ ඉස්සරහට මගෙන් මොකද්ද කණ්ඩායම වෙන්න ́න කියන එක. එතනදී මට ඒ දේ කරන්න පු ̈වන්ද
කියන එක ගැන හිතලා ගත්ත තීරණයක් මේක. නැතිව හදිසියේ හෝ කාගෙවත් බලපෑමක් මත ගත්තු තීරණයක් නොවෙයි.
ප්රශ්නය: ටෙස්ට් තරග 150 ක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ලෝකෙ ඉන්නෙ ඉතාමත් අතළොස්සයි. ඔබගේ සමුගැනීම වන
කාලයේදී ඔබ තරග 149 කට දායකත්වය දරනවා. 150 වැනි තරගයටත් ක්‍රීඩා කරලම ගියානම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද…?
පිළිතුර: මේ අවුරුද්දෙන් පස්සෙ ආයිත් ටෙස්ට් තරග තියෙන්නේ ලබන අවුරුද්දේ අගෝස්තුවල. ඒක ලොකු කාලයක්. ලබන
අවුරුද්දටම ටෙස්ට් තරග 6 ක් විතර තියෙනවා. ඒත් ඒ කාලෙදි මම ආයිත් ආපස්සට එන්නේ නෑ. මම වයසට යන එක විතරයි වෙන්නේ. එහෙම
බැ ̈වහම හේතුවක් තියෙන්න ́න මම කණ්ඩායමේ ඉන්න එකට. එහෙම නැතුව බොරුවට ඉඳලා වැඩක් නැහැ. මේ අවුරුද්දේ අපි ටෙස්ට් තරගවල
හොඳින් කළා වගේම විස්සයි/20 ලෝක කුෂලානයත් ජයග්‍රහණය කළා. ඒක නිසා මට හිතෙනවා හොඳම වෙලාව ටෙස්ට් තරග අංශයෙන් සමුගන්න.
පන්දුවාර 50 ලෝක කුෂලානත් ක්‍රීඩා කළාහම අ ̈තෙන් කණ්ඩායමක් හදාගෙන යන්න කට්ටියට ලොකු දුරක් යන්න පු ̈වන්. ඉතිං ඒකට ඉඩ
දීලා අයින් වෙන එක තමයි හරි දේ කියලයි මට හිතෙන්නේ.
ප්රශ්නය:සෑම දේයකම අවසානයක් තියෙනවා. නමුත් ටෙස්ට් තරගවලින් ඔබ සමුගැනීම තීරණය කිරීම කිසිවෙකුත් අපේකෂා
නොකළ එකක්. පසුගිය මාස කීපය තුළ ඔබ දක්වන ලද දකෂතා අඩු මට්ටමක තිබුණා කියන එක මේ සඳහා බලපෑවේ නැද්ද…?
පිළිතුර: ඇත්තටම එහෙම එකක්. නැහැ. අවසන් වරට මම ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරගවලදී පිතිකරුවකු ලෙෂ මම හොඳ රිද්මයක් තියාගෙන
තියෙනවා. බැ ̈වොත් ටෙස්ට් තරග 6 කදී මම ලකුණු 700 ක් විතර ලබාගෙන තියෙනවා සහ තරග දිනවන්නත් දායකත්වයක් දක්වලා තියෙනවා. ඔබ
හිතනවා නම් එයයි මගේ සමුගැනීමට හේතුව කියලා ඒක වැරදියි. මම එංගලන්තය, පාකිස්තානය සහ බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට්
තරගවලදී ලකුණු රැස් කරලා තියෙනවා. නමුත් එක්දින තරග අංශයේදි මගේ පන්දුවට පහරදීමේ රිද්මයෙහි කිසියම් අඩුපාඩුවක් තියෙනවා
කියලා මම පිළිගන්නවා. කොහොම වුණත් ලකුණු අතරට පැමිණීම දිගින් දිගටම පවත්වාගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය: ඔබ ගත්තු මේ තීරණය කොයි විදියට ඔබට දැනුණේ. පහසු එකක්ද අමාරු එකක්ද…?
පිළිතුර: ඔව්. ඒක ඇත්තටම ඉතාම අමාරු තීරණයක්. මම දැනගෙන හිටියා මේ තීරණය මා විසින්ම ගත යුතු තීරණයක් බව. කොහොම
වුණත් මේ සම්බන්ධව මම කිහිප දෙනෙකු සමගම සාකච්ඡා කළා. හැබැයි එහිදී මට කිසි කෙනෙක් කිව්වේ නැහැ ක්‍රීඩාවෙන් සමුගන්න කියලා.
ඒ ගනු ලැබූ තීරණය තනිකරම මා විසින් ගත්ත තීරණයක්. මම එතනදි එයාලගෙන් අදහස් විමසුවා විතරයි. මම ගත්ත තීරණ ගැන ඔවුන්
කිසිවෙක් මට කිසිම බලපෑමක් කෙ3⁄4 නැහැ.
ප්රශ්නය: කවුරු සමගද ඔබ මේ පිළිබඳව ප්‍රථමයෙන්ම සාකච්ඡා කළේ. ඔහු හෝ ඇය මොනවගේ අවවාදයක්ද ඔබට ලබා
දුන්නේ…?
පිළිතුර: මගේ බිරිඳ සහ මගේ දෙමව්පියන් සමගයි මේ ගැන මම සාකච්ඡා කළේ. එයාලා තමයි මේ දී3⁄4ඝ කාලය තිස්සේම මා පිටුපස්සෙන්
හිටියේ. එහිදී මම අදහස් කළේ මගේ තීරණය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට පමණයි. එහෙම නැතුව මගේ මතය වෙනස් කරන්න හිතාගෙන
මේ පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කළේ නැහැ. මෙය කාලයක් තිස්සේ මගේ හිතේ තිබිච්ච දෙයක්. මම විශ්වාස කරනවා ඒ කාලය දැන් හරියට
ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා මම මේ තීරණය ගත්තා.
ප්රශ්නය: පිතිකරුවකු ලෙෂ ඔබගේ ක්‍රිකට් දිවියේ ලබාගත්ත හොඳම ජයග්‍රහණය ලෙෂ ෂලකන්නේ මොකද්ද…?
පිළිතුර: ගොඩක් අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම අවසන් වසර කීපය තුළදී විශේෂ ක්‍රීඩකයන් සමගින් ක්‍රීඩා කරමින් එම සුවිශේෂී
අවස්ථාවන් උදාකරගෙන තියෙනවා. එහිදී සනත් ජයසූරියගේ නායකත්වය යටතේ අපි එක දිගටම ටෙස්ට් තරග 11 ක් ජයග්‍රහණය කිරීම සඳහන්
කරන්න පු ̈වන්. පසුව අපේ ොඳම කාලය වුණේ 2005 සිට 2008 වසර දක්වා වූ කාලය. එහිදී අපි බටහිර ඉන්දීය කොදෙව්
ඔවුන්ගේ දේශයේදීත්, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ඔවුන්ගේ මව්බිමේදීත් අවස්ථා කීපයකදී පරාජය කිරීමට හැකියාව ලැබුණා.
පෞද්ගලික වශයෙන් කියනවා නම් ලෝඩ්ස් වල ලබාගත්ත ශතකය මට විශේෂයි. ඒක මගේ ජීවිතයට වටිනා ශතකයක් වුණා. ඒ ශතකය මට බොහෝ
දෙවල් ක්‍රිකට් ක්‍රීඩාවේ කියාදුන්නා. විශේෂයනේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අමාරු තරගයකදී මානසිකව හැඩගැසෙන්න කොහොමද කියන
එකට හැඩ ගැහෙන්න ඒ ඉනිම මට උදව් වුණා. ඒ වගේම දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලබාගත් ලකුණු 374 ත් මං හිතනවා මගේ ක්‍රිකට්
දිවියේ ලබාගත්ත විශිෂ්ට ජයග්‍රහණයක්. කියලා. එම ඉනිමෙන් පෙන්නුම් ඔප්පු කරලා පෙන්නුවා ටෙස්ට් තරගයකදී මට දී3⁄4ඝ ඉනිමක්
ක්‍රීඩා කරන්න පු ̈වන් කියන එක. ඒවා තමයි ගොඩක් වෙලාවට මගේ දිවියේ විශේෂ අවස්ථා.
ප්රශ්නය: ඔබට මෙතෙක් ක්‍රීඩා කරන ලද දිවිය තුළදී ලබාගත නොහැකි දෙයක් තිබුණා නම්…?
පිළිතුර: මම ඇත්තටම දුක්වෙනවා ඔස්ටේ්රලියාවේදී කණ්ඩායමක් ලෙෂ ජයග්‍රහණයක් සැමරීයට අවස්ථාව නොලැබීම ගැන. එම අවස්ථාව
උදාකර ගැනීමට නොහැකිවීම තමයි මගේ ක්‍රිකට් දිවියේ වැඩියෙන්ම කණගාටුදායක වෙන දේ.
ප්රශ්නය: වසර 18 ක් වැනි දී3⁄4ඝ කාලයක් ඔබ ක්‍රිකට් පිටියේ රැඳී සිටියා. ඒ කාලය තුළ කොහොමද ක්‍රීඩකයකු ලෙෂ ඉහළම
හිනිපෙත්තේ රැඳී සිටීමට මානසිකත්වය ඔබ හදාගත්තේ …?
පිළිතුර: එය ඇත්තටම පෞද්ගලිකව කරපු දෙයක් නොවෙයි. හැම තිස්සේම කණ්ඩායම ගැන හිතනකොට සහ ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන්
කියලයි කියල හිතෙනකොට ඒ හිතීම මට විශාල සහයෝගයක් ලබා දුන්නා හොඳ ක්‍රීඩකයෙක්, පිතිකරුවක්, සහ නායකයකු ලෙස කණ්ඩායමට
දායකත්වය ලබාදෙන්න. මේ තුළින් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ තතත්ත්වය ඉහළට ගෙන ඒමට මට අවස්ථාව ලැබුණා.
ප්රශ්නය: ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත්වෙමින් ඔබගේ දිවිය අවසන් කිරීමට තිබූ
අවස්ථාව සංගක්කාර නිසා ඔබට අහිමිවෙනවා. ඒ පිළිබඳව කණගාටුවක් තියෙනවද…?
පිළිතුර: කොහෙත්ම නැහැ. පසුගිය හය හත තුළ සංගක්කාර ලබාගෙන තියෙන දේවල් අද්විතීයයි. සංගක්කාර මෙන්ම ශ්‍රේෂ්ඨ
ක්‍රීඩකයන් වන අරවින්ද, මුරලි, වාස් සහ ඇන්ජලෝ මැතිව්ස් වැනි ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමට ලැබීම ඉතාමත් භාග්‍යයක් කියලා
මම ෂලකනවා. සංගක්කාර ළගා කරගෙන තිඛෙන මට අගය කරන්න පු ̈වන්. මමත් බැ ̈වේ කළමනාකරණය කරගෙන දෙන්නාට දෙදෙනා හොඳින් කරන්න. ඒ
සඳහා අපි අතර සුහද තරගයක් තිබුණා. එහිදී අපි දෙන්නගේ සා3⁄4ථකත්වය කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වුණා. මෙහිදී අපි ඔහුගේ
දත්ත වා3⁄4තා දිහා බැ ̈වොත් ලෝකයේ සිටින හොඳම පිතිකරුවා ඔහුයි. ක්‍රීඩකයෙක් විදියට මම ගොඩක් ෂතුටු වෙනවා ඔහු(සංගක්කාර)
පිතිකරුවකු ලෙෂ ලබා තිඛෙන සා3⁄4ථකත්වය ගැන.
ප්රශ්නය: නායකයකු ලෙෂ කටයුතු කරමින් සිටියදී ඔබ 2009 වසරෙදි එයින් ඉවත් වුණා. නායකත්වයේ ඉඳලා නැවතත් සාමාන්‍ය
ක්‍රීඩකයකු ලෙෂ හැඩ ගැසීම අසීරු කටයුත්තක්ද…?
පිළිතුර: ඒක අමරු දෙයක් නොවෙයි. මං විශ්වාස කරන්නේ නායකත්වට පත්වනවාට වඩා ක්‍රීඩකයකු ලෙෂ ක්‍රීඩා කිරීමයි වැදගත්.
ක්‍රීඩකයකු ලෙෂ හොඳින් ක්‍රීඩා කිරීම වැදගත්ම ක3⁄4තව්‍ය. එහෙම වුණාම නායකත්වයෙන් අහක් වුණා කියලා ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට
ඇතුළත්වීම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කිසිම ප්‍රශ්නයකින් තොරව ඒ අවස්ථාවේදී නැවතත් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට දායකත්වය
ලබාදෙන්න මට හැකියාව ලැබුණා.
ප්රශ්නය: ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙෂ ඔබගේ ජීවිතයේදී විඳි ෂතුටුම අවස්ථාව ගැන කතා කළොත්…?
පිළිතුර: ප්‍රේකෂකයන්. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙෂ මම ලද ෂතුටු දේ තමයි මගේ ප්‍රේකෂකයන්. මා විශ්වාස කරනවා ලෝකයේ සිටින
හොඳම ක්‍රිකට් ප්‍රේකෂකයන් සිටිනනේ ශ්‍රී ලංකාවේ කියලා. එයාලා ක්‍රීඩාව හොඳින් තේරුම්ගත්ත පිරිසක්. ඒ වගේම එවැනිම
ආදරයක් ඔවුන් මේ ක්‍රීඩාව වෙනුවෙන් කරනවා. මෙයාලා කවදාවත් තරග පැරදුණා කියලා ක්‍රිකට් ක්‍රීඩකයන් එක්ක වෛර බඳින දේවල් කරලා
නැහැ. කවදාවත් ක්‍රීඩකයින්ව අපහසුතාවයට පත් කළේ නැහැ. එම නිසා ක්‍රීඩකයෙක් ලෙෂ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ හැම
අවස්ථාවක්ම මම ඉතාමත් ෂතුටින් ක්‍රීඩා කරලා තියෙනවා.
ප්රශ්නය: ඔබ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ නායකයකු ලෙෂ ෂලකනවා. එහිදී නායකයෙක් විදියට ආපහු හැරිලා බැ ̈වොත්
කණ්ඩායම තුළ වෙනස් විය යුතුයි කියලා හිතන්නේ මොන වගේ දේවල්ද…?
පිළිතුර: නැහැ. මගේ ජීවිතයේ ජයග්‍රහණ මෙන්ම පරාජයන්හිදීත් සෑම දෙයකින්ම මට ක්‍රීඩකයෙක් ලෙෂ ඉදිරියට එන්න රුකුළක්
ලැබුණා. ඒක මට පමණක් නොවෙයි කණ්ඩායමක් ලෙෂ අපිට ඉදිරියට යෑමට උදව්වෙලා තියෙනවා. මං හිතනවා ක්‍රීඩකයෙක් ලෙෂ කණ්ඩායම
තුළ ගත කරපු අවු. 18 ක පමණ කාලය ඉතාමත් විශිෂ්ඨ කාලයක් කියලා. ඒ තුළ හැළ හැප්පීම්, ජය, පරාජය, මේ සෑම දේම මුසුවෙලා
තිබුණා. ඒ මුසුවීම එහෙමත් නැත්නම් සංකලනය තුළ මට හැකියාවක් තිබුණා අද සිටින මහේල ජයව3⁄4ධන බවට පත්වීමට.
ප්රශ්නය: ජාතික කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන් පැමිණීමේදී ඒ සඳහා කුමන විදියේ අනුව3⁄4තනයක් ක්‍රීඩකයන් විය
යුතුයි කියලා ඔබ හිතනවද…?
පිළිතුර: අද වෙනකොට ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩාව තත්ත්වයන් ඉතාමත් උසස් මට්ටමකට පැමිණිලා තියෙනවා. මම වසර
කණ්ඩායමට පැමිණිලා මේ වන විට අවුරුදු 18 ක කාලයක් ගෙවිලා. එදයි අදයි සංසන්දරනය කිරීමේදි අද තියෙන ක්‍රීඩාව එදාට වඩා සෑහෙන
දියුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම වෙනස් වෙලා, ක්‍රීඩා කරන විලාශය, ශාරීරික
යෝග්‍යතාව ඉතාමත් හොඳින් දියුණු වෙලා තියෙනවා. මේ දේවල් බලන කොට පාසල් ක්රීඩකයකුට ඒ දෙවල් පවත්වාගෙන යන්න අමාරුයි.
එහෙම තත්ත්වයකදී ජාතික කණ්ඩායමට පැමිණ ක්‍රීඩා කිරීම තරමක් අපහසුයි.
මෙවැනි අවස්ථාවකදී ක්‍රීඩකයන්ගේ ආනුව3⁄4ණය වීම පහසුවීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි කියන මතයේයි මම
ඉන්නේ. විශේෂයෙන්ම පළමු පෙළ තරගාවලිය. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාව තුළ දැනට පවතින පළමු පෙළ තරගාවලිය මීට වඩා තරගකාරී
මට්ටමින් පැවැත්වීම තුළ මේ තත්ත්වය ලගා කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මම විශ්වාස කරනවා මේ පැවැත්වෙන තරග ප්‍රමාණයට වඩා
තරගකාරීත්වයෙන් පැවැත්වෙන තරග මත ක්‍රීඩකයන්ගේ දකෂතා දියුණවට පත්වෙන බව. අපිට ඒ දේ කිරීමට හැකියාවක් ලැබුණොත් මීට වඩා
පහසු ලෙස පාසල් ක්‍රීඩකයන් ජාතික තලයට ඇතු ̈ වෙයි සහ ඔවුන්ට ලබාදෙන අවස්ථාවන් ඉතාමත් හොඳින් ප්‍රයෝජනයට ගනියි
කියලා හිතනවා.
ප්රශ්නය: අපි බැ ̈වොත් පසුගිය කාලයේදී විශාල නවක ක්‍රීඩකයන් පිරිසක් කණ්ඩායමට පැමිණිලා තියෙනවා. එහිදී කීප
දෙනෙක් තමයි සිය ස්Aථානයන් තහවුරු කරගෙන තිඛෙන්නේ. විශේෂයෙන්ම චන්දිමාල් සහ තිරිමාන්න දෙදෙනාටත් තවම එතනට
පැමිණෙන්න බැරි වෙලා තියෙනවා…?
පිළිතුර: මේ ක්‍රීඩකයන් දෙදෙනා (චන්දිමාල් සහ තිරිමාන්න)ඉතාමත් දකෂ ක්‍රීඩකයන්. හැබැයි මා කළින් කිව්ව විදියට
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියන්නේ ඉතාමත් අමාරු කා3⁄4යයක්. මම දැකලා තියෙනවා සමහර ක්‍රීඩකයෙන් ජාතික කණ්ඩායමට
පැමිණෙද්දී ඉතාමත් පහසුවෙන් ඒ සඳහා අවතී3⁄4ණ වෙනවා. තවත් සමහර ක්‍රීඩකයන් ඒ සඳහා දී3⁄4ඝ කාලයක් ගත කරනව ඔවුන්ගේ ස්ථානය
තහවුරු කරගැනීමට. මේක අද කාලයට පමණක් වලංගු දෙයක් නොවෙයි. මම ක්‍රීඩා කරන කාලයේ සහ මට කළින් සිටි ක්‍රීඩකයන්ට පවා මේ
තත්ත්වය පොදු වෙලා තිබුණා. මම හිතන්නේ නෑ මෙය වෙනසක් සිදුවෙයි කියලා. හැබැයි මේ තතත්වය වෙනස් කිරීමට නම් යම් කිසි ක්‍රමවේදයක්
සැකසිය යුතුයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම පහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මීට වඩා හොඳ තරගාවලි ලබාදිය යුතුයි කියලා මම
විශ්වාස කරවනවා. අපිට හැකියාවක් තියෙනවා නම් දැනට පවතින පාසල් ක්‍රිකට් තරගාවලි විශේෂයෙන් අවුරුදු 17 න් පහළ සහ 19 න්
පහළ තරගාවලි දින 4 තරගාවලි වශයෙන් පැවැත්වීමට, මීට වඩා දකෂ ක්‍රීඩකයන් බිහි කිරීමට හැකියාවක් ලැඛෙනවා. ඒ හරහා පිතිකරුවන්ට
දී3⁄4ඝ ඉනිම් ක්‍රීඩා කිරීමට මෙන්ම පන්දු යවන්නන්ට දිගු පන්දුවාර සංඛ්‍යාවක් තරගයකදී යැවීමේ අවස්ථාව ලැඛෙනවා. මේ හරහා විශේෂයෙන්
ටෙස්ට් තරගවලට පැමිණන ක්‍රීඩකයන්ට බොහෝ අත්දැකීම් ලබාගැනීමට හැකියාවක් තියෙනවා කියලා මම හිතනවා.
ප්රශ්නය: ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු මහේල ජයව3⁄4ධන කොයි වගේ පැත්තකට යයිද. පුහුණුකරුවෙක්,
විස්තරවිචාරකයෙක් හෝ දේශපාලනඥයෙක්…?
පිළිතුර: මේ කිසිම දෙයක් මගේ ආශාවන් නොවෙයි. හැබැයි කොහොම වුණත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා ක්‍රිකට්
ක්‍රීඩාවෙන් උකහාගත් දෙයින් ක්‍රිකට් ක්‍රීඩාවට නැවත දෙයක් ලබාදෙන්න. මේ ගැන මා තවම තීරණය කරලා නැහැ. දේශපාලනයට කෙසේ
වෙතත් මගේ බලාපොරොත්තුව යම් කිසි විදියකින් දායකත්වයක් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබාදීමයි.