ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඒ සඳහා දිනයක් වෙන් කිරීමට නියමිත බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ ආකාරයට හිටපු ජනාධිපතිනියට තමන් හමුවීම සඳහා වේලාවක් වෙන් කිරීමට තීන්දු කොට ඇත්තේ දෙවැනි වතාවටත් හිටපු ජනාධිපතිනිය ඒ බව දැනුම් දෙමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් එවනු ලැබීමෙන් අනතුරුවය.
මීට පෙරද හිටපු ජනාධිපතිනිය ලලිත් වීරතුංග මහතා වෙත ලිපියක් යොමු කරමින් ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා මුණගැසීමට අවශ්‍ය බව දැනුම් දී තිබිණි.
එහෙත් හිටපු ජනාධිපතිනිය ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් ජනාධිපතිවරයා මුණගැසීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් යොමු කර ඇති බවත්, මෙතෙක් ඊට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්ය.
කෙසේ වෙතත් අදාළ ලිපිය ජනාධිපතිවරයාට නොව ජනාධිපති ලේකම්වරයාට යොමුකර ඇති බව අනාවරණය වීමත් සමඟ නැවත වතාවක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ හිටපු ජනාධිපතිනිය තමන්ට හමුවීම සඳහා වේලාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඒ සඳහා දිනයක් නියම කිරීමට කටයුතු යොදා ඇති බව දැනගන්නට තිබේ.