ඊයේත් මහින්ද හැංගි මුත්තන් සෙල්ලමේ

0
162

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමේ අරමුණින් “මහින්ද සමඟ නැගිටිමු” යන තේමාව යටතේ ඊයේ (12 දා) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති රැස්‌වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැත්තෑදෙදෙනෙක්‌ සහභාගි වූහ.

එම අවස්‌ථාවේදී මාතර කොටුපවුර මත සිට මහින්ද රාජපක්‍ෂ මහතා රැස්‌ව සිටි ජනතාවට ආචාර කළේය. ඒ මොහොතේ ජනතාව ජයඝෝෂා නැගීම නිසා වේදිකාවේ කටයුතු සුළු මොහොතකට නතර විණි.

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට ‍ගොඩ නොවි ජනතාවට සමුදෙමින් ආපසු යන්නට ගියේය.

මීට අමතරව මෙම රැස්‌වීමට බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග, උතුරුමැද පළාත් හිටපු මහ ඇමැති එස්‌. එම්. රංජිත්, ඌව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ඇතුළු පළාත් සභා මැති ඇමැතිවරුන් ඇතුළු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයෝ විශාල පිරිසක්‌ සහභාගි වූහ.

ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභික හිටපු නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන්ද මාතර වේදිකාවට ගොඩවිය.