මහින්ද හොරන් මැයි රැළි බලලා මාට්ටු

වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැළිය මැයෙන් වාමාංශික දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති කිරුළපන පැවැත්වූ මැයි දින රැළිය නැරඹීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා සිය වාහනයේ සිටම කිරුලපන පෙළපාලිය නරඹමින් සිටි බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මැයි දින රැලි දෙකකට සහභාගී වන ලෙසට ආරාධනා කර තිබුණද, එම ආරාධනා පිළිනොගෙන මහින්ද රාජක්ෂ මහතා මැයි දින රැලි 04 ක් නැරඹීමට ගොස් ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස්පක්ෂය පැවැත්වූ මැයි දින රැලියට සහ මහජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ වමේ පක්ෂ විසින් පවත්වන ලද මැයි දින රැලියට සහභාගී වන ලෙසට හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබුණද, ඒ මහතා එම මැයි දින රැලිවලට සහභාගී නොවී ප්‍රකාශ දෙකක් නිකුත් කිරීමට කටයුතු කර තිබිණි.

මැයි දින රැලි පැවැත්වූ ප්‍රධාන වේදිකාවට ආරාධිතයෙකු ලෙස සහභාගී නොවූවද මහින්ද රාජපක්ෂ මහතා තම නිලරථයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලි නරඹා තිබෙන බවද වාර්තාවේ. එසේම මහින්ද රාජපක්ෂ හිතවාදීන් විසින් සංවිධානය කළ එක්සත් මැයි රැලිය නැරඹීමටද හිටපු ජනාධිපතිවරයා ගොස් ඇතැයි වාර්තාවේ.

mahinda 2 mahinda 1

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...