19.1 C
London
Thursday, June 19, 2025
spot_img

“හොරු අල්ලන එක නවත්තන්න ” – මහින්ද ඉල්ලලා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවේදී පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අගමැති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වූයේ දැයි, සාකච්ඡාවට සහභාගි වූ දුමින්ද දිසානායක අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඒ පිළිබඳව ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණයක් ගනු ඇති බවයි.

දුමින්ද දිසානායක අමාත්‍යවරයා සාකච්ඡාවට එක්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය නියෝජනය කරමින්.

මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ඉදිරිපත්වූ තවත් ඉල්ලීමක් වූ පළාත් පාලන ආයතනවල කාලය දික් කිරීම පිළිබඳවද ජනාධිපතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණු බවත් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයට දේශපලන මැදිහත්වීමක් සිදු කිරීමට බලය පැවරෙන අන්දමින් නිකුත්කර ඇතැයි චෝදනා එල්ලවී ඇති ගැසට් නිවේදනය ඉවත්කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එකඟ වූ බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.

ඉදිරියේදී තවත් සාකච්ඡා වටයකට සහභාගි වීමට නායකයන් දෙපොල එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles