ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතා අතර සාකච්ඡා අවසන් එකඟතාවයෙන් තොරව අවසන් වී තිබේ. යළිත් වරක් හමුවී සාකඡ්චා කිරීමට එකඟ වී තිබේ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී පක්ෂයේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගන්නා ලද තීරණ ඉතා සාර්ථක වූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසා තිබේ.
විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා, ශ්‍රීලංනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ඇමති රාජිත සේනාරත්න සහ ඇමති දුමින්ද දිසානායක යන පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් සහභාවී විය.
ජී.එල් පීරිස්, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් එක් වී සිටියහ.
කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඩි 05 ක් 07 ක් පමණ දුර සිට මහින්ද රාජපක්ෂ හමුව පැවැත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රජපක්ෂ මහතාට අතට අත දීමෙන් වැලකී සිටීමට වගබලා ගත්තේය. සාකච්ඡාව විනාඩි තිස් පහකට සීමා විය.





