13.1 C
London
Friday, November 14, 2025
spot_img

මහින්ද අරලිගහ මන්දිරය අසල ගැවසෙයි

කොළඹ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය සමිපයේ පිහිටි ටි.බි ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා අද (01) ඒ දෙසට ගොස් ඇති අතර තෙවරක්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලිය මන්දිරය අසලින් ගමන් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා අරලිය මන්දිරයට 2002 වසරේදී ලද අගමැති පදවියත් සමඟ ගෙවැඳුනු අතර මුල් අවස්ථාවේදී බෝ පැලයක්, බුදු මැදුරක් එහි ස්ථාපනය කරගත්තේය. ඉන්පසු වසරින් වසර විවිධ දේ ඉදිකරගත් අතර විදේශීය බල්ලන් 46 දෙනෙකු සඳහා වායුසමනය කළ කාමර, විදේශීය කුරුල්ලන් සඳහා නියමිත උෂ්ණත්වයට සකසන ලද කූඩු, ඇඟේ මස්පිඬු වර්ධනය කරගැනීම සඳහා කායවර්ධන මධ්‍යස්ථාන, වායුසමනය කළ වැසිකිලි සහ කැසිකිලි යනාදී අතිසුඛෝපභෝගී මෙකී නොකී දෑ නිර්මාණය කර ගත්තේය. මීට අමතරව ගුරුකම් කටයුතු කරද්දී සුමනදාසගේ උපදෙස් පරිදි බැසීමට වළවල් ආදියද කපාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළවිය.

එහෙත් රටත්, ජනතාවත් කොල්ල කමින් ගෙන පාලනයේ යථාර්තය ජනතාවට අවබෝධ වී ජෝතිෂ්‍යවේදී සුමනදාසගේ මඟපෙන්වීමෙන් කැඳවන ලද ජනාධිපතිවරයෙන් අවසානයේ ජනවාරි 09 වනදා ජනතාව විසින් මහින්ද රාජපක්ෂව පරාජයට පත්කිරීමෙන් අනතුරුව ‘ශ්‍රී ලංකාවේ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයා’ ලෙසට වන ඓතිහාසික වාර්තාවට උරුමකම් කියමින් යලි මැදමූලන බලා නික්ම යෑමට සිදුවිය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles