ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 68 වැනි සැසිවාරය ඇමතීමෙන් අනතුරුව නිව්යෝර්ක් නුවර සිට ට්විටර් (Twitter) ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නියමිතව තිබුනා.
එය බදාදා (25දා) නිව්යෝක් වේලාවෙන් උදේ 9.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30ට) ඇරඹුනා. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මෙහෙයවන වැඩසටහනේදී ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු දීම ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම (@presrajapaksa ඔස්සේ සිදු කෙරුනා. ජනපති ලේකම් විසින් දන්වා සිටියේ ඔහු විසින් මෙම සංවාදය මෙහෙයවීම පමණක් සිදු කරන බවත් පිළිතුරු දීමක් සිදු නොකරන බවයි. එයින් ට්විටර් ගැටළු වලට සෘජුව පිළිතුරු ලබාදෙන්නේ ජනපතිවරයා බව පෙන්වා දෙන ලදී.