16 C
London
Thursday, November 13, 2025
spot_img

රෑට ආප්ප කාලා උදේට පිටිපස්සෙන් පිහියෙන් අනින යුගයේ කෙනෙක් නෙවෙයි තිස්ස – ජනපති කියයි (VIDEO)

අභිමානවත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිවෙකු ඉවත්වූවාට නොසැලෙන අතර කිසිවෙකු එක්වූවාට ආඩම්බර නොවන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ නාරාහේන්පිට පැවති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

ජය අභිමානී වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණේ නාරාහේන්පිට, ශාලිකා ක්‍රීඩාංගණයේදීය.

1991 සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් පාලන ආයතන හා පළාත් සභාවලට තේරී පත්වූවන් වෙනුවෙන් එම හමුව පැවැත්විය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“ඉතිහාසය පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාවාදීම් සිදු වුණා. අපේ පක්ෂේ හිටපු ලේකම්වරු 4 දෙනෙක් ඇර අනික් සියලුදෙනාම පක්ෂේ අතහැරලා ගිහිල්ලා. සමහරු පක්ෂේ අතහැරලා ගිහිල්ලා ආපහු ආවා එක්සත් ජාතික පක්ෂේ ඉඳලා තිස්ස ආවා. ඒක වෙනම දෙයක්. මේක තමයි අවසානේ අවසානේ නවතින ගමන මෙතනට ආවට පස්සේ ආපහු යන්න බැහැ. මගේ දොර සැලුන් දොරක්. යන්නත් පුළුවන්, එන්නත් පුළුවන්. ගියාය කියලා සැලෙන්නෙත් නැහැ. ආවායි කියලා මහා ලොකු ආඩම්බරයකුත් නැහැ. ඉතිං ඒක හින්දා අපිට ප්‍රශ්නයක් නැහැ. තිස්ස මම එන්න කිව්වා. මට හම්බවුණේ එක දවසයි. මම තිස්සට කිව්වා තිස්ස එහෙනම් අපිට දැන් යන්න පුළුවන්නේ පත්තර කට්ටිය ඉන්න‍වා ටක් ගාලා අපි ගිහිල්ලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියමු. බෑ සර්. බෑ ජනාධිපතිතුමා එහෙම එන්න බෑ මට. මට කියනවා පක්ෂ නායකයෙ‍ක් ඉන්නවා. මම පක්ෂ නායකයට ගිහිල්ලා කියලා මම ඉල්ලා අස්වීමට හේතු පෙන්නලා ඒක දීලා ඉවරවෙලා මම එන්නම් කියලා. මට ඒකට කල් දෙන්න කිව්වා. තිස්සගේ මහත්මා ගතිය තමයි තිස්ස ගිහිල්ලා ලියුම දීලා අස්වුණයි කියලා රනිල් වික්‍රමසිංහට භාර දීලා ලිපිය සිරිකොතට ගිහිල්ලා ඔක්කොම තමන්ගේ සේවකයෝ කැඳවලා ඔවුන්ට ආයුබෝවන් කියලා ඔවුන් මේ පක්ෂෙන් යන්නේ ඇයි කියලා පැහැදිලි කරලා දීලා තමයි එතුමා මෙතනට ආවේ. ඒකයි මහත්මා ගතිය. රෑ ආප්ප කාලා උදේට ගිහිල්ලා පිටිපස්සෙන් පිහියෙන් අනින යුගය එහෙම කෙනෙක් නෙවෙයි තිස්ස.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මාතර වැලිගම ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ද සහභාගි විය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles