මහින්ද රාජපක්ෂ, අජාසත්ත වගේ පාලකයෙක් – රනිල්

ලිච්ඡවි රජු දැහැමින් රාජ්‍ය පාලනය කරන විට එම රාජ්‍ය තුළ අර්බුද ඇතිකිරීමට අජාසත් රජු ක්‍රියාකළාක් මෙන් රාජපක්ෂ ආණ්ඩුවද එජාපය තුළ ප්‍රශ්න ඇති කරමින් පක්ෂය විනාශ කරන බවත් මේ නිසා මහින්ද රාජපක්ෂත් අජාසත් රජු වැනි පාලකයෙකු යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසූයේ අද ((21) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ 55 වන මහා සම්මේලනය අමතමිනි.

එහිදී සම්මේලනය ඇමතු විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අඬනවා නම් ඇඬිය යුත්තේ තමන් බවයි.

එජාප නායකත්ව මණ්ඩලයට තමන් සතු බලතල පවරා දී ඇති බවත් ජනතාවට සහන ලබා ගැනීම සඳහා එජාප ආණ්ඩුවක් බලයට පත් කර ගත යුතු බවත් එම සටනට තමන් පාරට බැස නායකත්වය දෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

යුද්ධය පැවැති කාලයට වඩා අද වන විට ජීවත්වීමට අපහසු බවද ජනතාවගෙන් සියයට 1ක් පමණ සැප විඳිද්දී ඉතිරි පිරිසට “හයිවේ එකේ පලයන්” යැයි රාජපක්ෂ රෙජිමය කියන බව ද හෙතෙම පෙන්වාදුන්නේය.

නැව් නැති වරායවල් මෙන් ක්‍රීඩකයින් නැති ක්‍රීඩාංගණ ද ඇති බවත් තව අවුරුදු 3කින් කැසිනෝ තුනක් තියෙනවා බලාගනින් යැයි කියා රෙද්ද උස්සනු ඇති බවත් ඔහු පැවසීය.

චන්ද්‍රිකා ජනපතිනියගෙන් පසු රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් ණය ප්‍රමාණය වැඩි වී පිටරටට අපේ ර‍ට විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බවද ඔහු පෙන්වාදුන්නේය.

මේ රටේ ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ 2ක් බවත් එකක් එක්සත් ජාතික පක්ෂය බවද අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවද පැවසූ විපක්ෂනායකවරයා දැන් ජනතාව ඉල්ලා සිටින්නේ එජාප ආණ්ඩුවක් යැයිද අවධාරණය කළේය.

ලිච්ජවි රජු දැහැමින් පාලනය ගෙන යන විට එම රාජ්‍යය තුළ ගැටුම් ඇවිලීමට නොහැකි බව දැනගත් අජාසත් රජු කළේ එම රාජ්‍යය භේද භින්න කිරීමේ වැඩපිළිවෙළ බව පෙන්වාදුන් විපක්ෂනායකවරයා දැන් රාජපක්ෂ ආණ්ඩුව එජාපයට කරන්නේද එය ටිකම බැව් කියා සිටියේය.

එජාපය තුළ අභ්‍යන්තර ගැටුම් ඇවිලවීමට රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියා කරන බවත් මාධ්‍යය පවා ඒ සඳහා එවන බවත් ඒ අනූව මහින්ද රාජපක්ෂ මහතා අජාසත් රජු හා සමාන බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් නායකත්ව මණ්ඩලයට බලය ලබාදීම ඇතුළු යෝජනා 4ක් එහිදී ඒකමතිකව සම්මත විය.

එම යෝජනා 4 වන්නේ,

01 – එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීම සඳහා නව යාන්ත්‍රණයක් ගොඩනැඟීම
02 – විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම.
03 – නාස්තිය හා දූෂණය නවතා, ජීවන වියදම් පහල දැමීම.
04 – ජනතාවට සහන සලසන ආණ්ඩුවක් බිහිකිරීමට එකම මතයකින් එකම හඬකින් නැඟී සිටීම.

එම යෝජනා 4 සම්මේලනයේදී ඒකමතිකව සම්මත වී ඇත.

source-lankaCnews

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...