මහින්ද මෛත්‍රී එක්වෙන ලකුණු

පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම එකඟතාවය පළකර ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර සාකච්ඡාව මීට පෙර පසුගිය 25 වැනිදා පැවැත්වීමට සූදානම් කර තිබුණද මහින්ද රාජපක්ෂ මහතා තමාට වැඩ අධික යැයි කියමින් ඒ මඟ හැරියේය.

කෙසේ නමුත් මේ වන විට මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් එරෙහිව ගෙන ගිය කුමන්ත්‍රණ කාරී ව්‍යාපාරය අඩපණව තිබේ. ඔහු වටා ඒකරාශිව සිටි සිශාල පිරිසක් සිරිසේන මහතා විසින් දිනාගෙන ඇති අතර ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන්ද එම කණ්ඩායම ව්‍යාකූල භාවයකට පත්ව ඇත. එම තත්වය හමුවේ ජනාධිපතිවරයා හා එකඟතාවයකට යෑම හැර වෙනත් විකල්පයක් ඔවුන් හමුවේ නොමැති බව දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත.එම කණ්ඩායම විසින් පැවැත්වූ මැයි දිනයේ අසාර්ථකත්වයද මෙහිදී කැපී පෙනුන අතර ඊට මහින්ද රාජපක්ෂ සහභාගී නොවීය. ලබන 08 වනදා කුරුණෑගල පැවැත්වෙන ‍රැළියටද රාජපක්ෂ මහතා සහභාගී නොවේ.

එමෙන්ම ශ්‍රී ලනීපය දෙකඩ කර එජාපයට ජය ගැනීම සඳහා සහය වෙමින් සිටින බවට රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වෙමින් පවතීන චෝදනාවෙන් ගැලවීමද මෙලෙස ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට යාමේ අරමුණ වී තිබේ.

මේ අතර රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට හා හිතවතුන්ට එල්ල වෙමින් පැවැති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති අතර එම නීතිමය ක්‍රියා මාර්ග ගැනීම මෙම සතිය තුලදී සිදුවනු ඇති බවත් වාර්තාවේ.

මේ අතර කිසිදු පාර්ශ්වයක්‌ සමඟ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ එකඟතාවක්‌ ඇතිකර නොගැනීම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා එම පක්‍ෂය සමඟ සන්ධානගත වන දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් සමඟ ආණ්‌ඩුවක්‌ පිහිටුවීම යන කොන්දේසිවලට මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වන්නේ නම් සාකච්ඡා ඉදිරියට ගෙනයැමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසා තිබේ.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...