Wednesday , 22 January 2025

“මෙහෙම පළිගැනීම් කවදාවත් දැකලා නෑ “

මේ යන විදියට අපේ කාලයෙන් වැඩි හරියක් හිරගෙවල් වල සිටීමට සිදුවනු ඇතැයිද තමන් දන්නා දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි පළිගැනීම් සිදුව නැතැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙය ජනතාව බලාපොරොත්තු වූ යහපාලනය නොව පළිගැනීමේ දේශපාලනය යැයි ඒ මහතා කියයි.

වසර දෙකහමාරක සිරදඬුවමක් නියමවී සිටින මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති මහින්ද අබේකෝන් මහතාගේ සුවදුක් බැලීමට අද මහනුවර බෝගම්බර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදින් අමතමින් ඔහු මේ බව පැවසීය.

තම පවුල සතුව ඩොලර් බිලියන 18ක වත්කමක් ඇතැයි කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි මුදලක් තමන් සතුව ඇති නම් තමන්ට සලකනවා මදී යන උපහාසයෙනි.

බැසිල් මුදල් බෙදීම වරදක් වුවද, සජිත් ප්‍රේමදාස මුදල් බෙදීමේ වරදක් නැති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

මහින්දෝදය කියන්නේ මගේ නම නොවන නමුත් මගේ නම කියා හිතාගෙන එම බෝඩ් ගලවන බවද ඔහු පැවසීය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...