12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

මහින්ද ආපහු හැරෙයි? ඡන්දෙට එන තීන්දුව අස්කරගනී?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණය සඳහා ඉදිරිපත්වන දේශපාලන පක්ෂය පිළිබඳ තීන්දුවක් අද ප්‍රකාශයට පත්කරන බව සන්ධානයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

ඒ සඳහා බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, ටී.බී.ඒකනායක, පවිත්‍රා වන්නිආරච්චි සහ පියසිරි විජේනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ නාමයෝජනා නොලැබෙන්නේ නම් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී     බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර තමන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට ගත් තීන්දුව ඉල්ලා අස්කරගැනීමට  හිටපු ජනාධිපති වරයා තීරණය කිරීමට ද ඉඩ ඇති බව  ආරංචි මාර්ග කියයි

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles