මහින්ද දෙකටම නෑ!

කොළඹ හයිඩ් පිටියේ පැවති ශ්‍රීලනිප මැයි රැලියට සහ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ පැවති එක්සත් මැයි රැලියටත් යන දෙකටම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවිඩ එවා තිබිණි.

ශ්‍රීලනිප රැලියට එවූ සුබ පැතුම් පණිවිඩිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් හා එක්සත් මැයි රැලියට එවූ සුබ පැතුම ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා කියවීය.

මේ පිළිබඳව අප සමඟ අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ මෙය දේශපාන නපුන්සක කමක් වන බවත් තමන් දරන ස්ථාවරය ප්‍රසිද්ධියේ නියෝජනය නොකරන හිටපු ජනාධිපතිවරයාගේ කොදු නාරටිය බිඳී ඇති බවත්ය.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...