“ඕවා කියන්න තිබුණේ ඒ කාලෙනේ ”
“ඒත් එතකොට සර් ට කිට්ටුවෙන්නවත් අපිට පුළුවන්කමක් තිබුණේ නෑනේ”
මේ සංවාදය නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ පස්වරුවේ අසන්නට ලැබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා දකුණු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකදීය.
එහිදී පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු එකළ සිදුවූ වැරදි හා අඩුපාඩු හිටපු පාලකයාට පෙන්වා දුන්හ.
ළංකරගත් වැරදි මිනිසුන් ගැනද චෝදනා ලැබුවන් සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම ගැනද ඔවුහු චෝදනා කළහ.
එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඕවා කියන්න තිබුණේ ඒ කාලේ බවයි.
මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ පෙර කළ වැරදි නැවත සිදු නොකිරීමට වග බලාගනිමින් අපි ඉදිරියට යමු ය යන්නයි.
සියලු කරුණු අමතක කොට රටට සුබ අනාගතයක් ගෙන එන වැඩ පිළිවෙලකට සූදානම් වන ලෙස ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයා තමාද ඒ සඳහා නිවැරදි වේලාවේදී නියත වශයෙන් එක්වන බව කියා සිටියේය.